ඩිල්ෂාන් මදුෂංකට දෙවන එක්දින තරගය අහිමි වෙයි

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයට ඩිල්ෂාන් මදුෂංක සහභාගී නොවනු ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ පළමු එක්දින තරගයේදී ඇතිවූ ආබාධය තවමත් සුව අතට හැරෙමින් පැවතීම හේතුවෙන්.

ඉන්දීය තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිනවා.

ඉන්දියාවට එරෙහිව ඊයේ (11) පැවැති පළමු තරගය අතරතුරදී යි ඔවුන් දෙදෙනාම ආබාධවලට මුහුණ දී ඇත්තේ.

ඩිල්ෂාන් මදුශංක දකුණු උරහිසේ ආබාධයකට ගොදුරව සිටින අතර ඔහුගේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා අද දිනයේදී එක්ස්රේ පරීක්ෂණයකට සහ එම්.ආර්.අයි. පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එම වාර්තාව ලැබුණු වහාම ඩිල්ෂාන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි කලමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

මේ අතර චාමික කරුණාරත්න තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීමට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීමෙන් තුවාල ලබා සිටිනවා.

එම තුවාලය සඳහා මැහුම් තුනක් දැමීමට පියවර ගත් අතර වෛද්‍ය කාර්යය මණ්ඩලයේ නිර්දේශය පරිදි ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමටයි පියවර ගනු ලැබුවේ.

දෙරට අතර අද (12) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට චාමික කරුණාරත්න සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59