ඩිල්ෂාන්ගේ IPL සිහිනය බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ නැගී එන වමත් වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ IPL සිහිනය බිඳ වැටී තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ඩිල්ශාන් වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වමත් වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මෆාකා නම් කිරීමත් සමගයි.

බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලිය අතර තුර ඩිල්ෂාන් පාදයේ මස්පිඬු ආබාධයකට ලක් වුණා.

ඔහුට සති කිහිපයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු පැවසුවා.

ක්වේනා මෆාකා මෑතකදී අවසන් වූ ICC 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාව නියෝජනය කළ අතර තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා.

ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක මූලික මිලකට මුම්බායි ඉන්දියන්ස් හා සම්බන්ධ වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටිනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) අනුව, ස්ථාන තුනකින් ඉහළට පැමිණි පැතුම් ශ්‍රේණිගත කිරීම් හි අටවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහි තරඟාවලියේදී දැක්වූ දක්ෂතා මත පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශ එක්දින තරගාවලියේදී පැතුම් නිශ්ශංක ලකුණු 151ක් රැස්කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශයට හිමිවුණා.

මේ අතර නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ICC නවතම T20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තවදුරටත් දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ පස්වැනි ස්ථානය දක්වා පසුබැස සිටින්නේ බංග්ලාදේශ තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණිමට නොහැකි වීම මතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21