ඩිලන්ත මාළගමුව ඉතාලි මෝටර් රථ ධාවන තරගය ජය ගෙන දිවයිනට

ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ පැවසීය . මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි .

මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා . ඔවුන් වැඩි පිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන් .

මෙම මෝටර් රථ ධාවන තරගය සදහා කාර් 50 ක් සහභාගී වී සිටි අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියහ .

ඒ වගේම මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා .යැයි ද පැවසීය .

2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා පැවසීය . එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද ඩිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් පැවසීය .

ඔහු (22) දින අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඩිලන්ත පිළිගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55