spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිපෝවේ යකඩ කැබලි හොරෙන් පටවගෙන ගිය නගර සභාවේ සේවකයින්ට මාංචු

හැටන් ලංගම ඩිපෝවේ යකඩ කැබලි සොරකම් කළ දික්ඔය නගර සභාවේ සේවකයින් පස්දෙනෙක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ඉවතලන කැලිකසළ රැගෙන යාමට පැමිණි නගර සභාවේ කම්කරුවන් පස්දෙනෙකු හැටන් පොලිසිය විසින් ට්‍රැක්ටර් රථය සමග ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකාර සේවකයින් පස්දෙනා ඊයේ පස්වරුවේ ඩිපෝව තුළට ගොස් එහි ඉවත දමා තිබු කැලිකසළ ට්‍රැක්ටර් රථයට දමා ගන්නා අතරතුර; ඩිපෝවේ එක්පසක ගොඩ ගසා තිබු යකඩ කිලෝග්‍රෑම් 38ක්
සුක්ෂ්ම ලෙස පැමිණි ට්‍රැක්ටරයට දමාගෙන රැගෙන යන බවට ඩිපෝ ආරක්ෂක අංශ නිලධාරින් විසින් පොලිසියට දැනුම්දී තිබෙනවා.

සොරාගන්නා ලද යකඩ අලෙවි කිරිමේ අරමුණින් ඉතා සූක්ෂ්ම ව මෙය සිදු කර ඇති අතර, සේවකයින්ගේ වැඩ තහනමක් පැනවීමටයි දික් ඔය නගර සභාවේ ලේකම්වරයා කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (20) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

01 3
01 5
02 1 scaled
02 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?