ඩිජිටල් ණය ක්‍රම ඔස්සේත් පාකිස්ථාන ජනතාව සූරා කන බවට චීනයට චෝදනා

කඩා වැටී ඇති පකිස්ථාන ආර්ථිකයේ අඳුරු පැතිකඩක් බවට පත්ව ඇත්තේ පවුල් ඒකක මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුයි.

පවතින තත්වය හමුවේ ඇතැම් පවුල්වලට ඔවුන්ගේ දෛනික වියදම් කළමනාකරණය කිරීමට පවා අපහසු වී තිබෙනවා.

සමහර පාකිස්ථාන පවුල්වල ආදායම් දැඩි ලෙස පහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රැකියා අහිමි වීමයි.

පකිස්ථාන ජනගහනය මුහුණ දෙන දැඩි ආර්ථික දුක්ඛිතභාවය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවක් වී ඇත්තේ ඩිජිටල් යෙදුම් විසින් පිරිනමනු ලබන ණයයි.

කෙටිකාලීන මූල්‍ය විසඳුම් සොයන දේශීය ජනගහනයේ මංමුලා සහගත බව ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ඩිජිටල් යෙදුම් සිය කර්මාන්තය පවත්වාගෙන යනවා.

උද්ධමනය ඉහළ විරැකියාව සහ එකතැන පල්වෙන ආදායම් සමඟ පකිස්ථාන  ජාතිකයන් වැඩි වැඩියෙන් ඔවුන්ගේ විදුලි බිල්පත් වැනි එදිනෙදා අවශ්‍යතා පවා සපුරා ගැනීම සඳහා චීනයේ හෝ චීනයෙන් ආරම්භ වූ WeCash වැනි ණය යෙදුම් වෙත වැඩි වැඩියෙන් යොමු වී තිබෙනවා.

පකිස්ථානය මෙම වංචා සහගත විදේශ ණය යෙදුම් සඳහා සාරවත් භූමියක් බවට පත්ව ඇත්තේ එහි ඩිජිටල් මූල්‍ය රෙගුලාසි දුර්වල සහ ලිහිල් තත්ත්වයක පවතින නිසයි.

මෙම යෙදුම් ඕනෑම තැනකදී මසකට 18-50% අතර ඉහළ පොලී අනුපාත සමඟ පහසු ණය ලබා දෙන අතර, පසුව ණය ගැනුම්කරුට ගෙවීමට තර්ජනය කරන්නේ අවසානයේදී ණයගැතියා ණය උගුලකට යොමු කරමින්.

පවතින විදේශ විනිමය අර්බුදය පාකිස්ථාන ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති අතර පාකිස්තානයේ ජීවන තත්ත්වය දැඩි ලෙස ඛාදනයට ලක්ව තිබෙනවා.

මූලික ජීවන මට්ටම පවත්වා ගැනීම සඳහා, ජනගහනය මෙම ඩිජිටල් ණය දීමේ යෙදුම් වෙත ආකර්ෂණය වන අතර අවසානයේ ඔවුන්ට සිදුවන්නේ ඉතා ඉහළ පොලී අනුපාත අනුව විශාල මිලක් ගෙවීමට හෝ සමාජ මාධ්‍ය හමුවේ ලැජ්ජාවට මුහුණ දීමටයි.

පාකිස්ථානයේ කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, ආර්ථික බිඳවැටීම තුළ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙනවා.

පාකිස්ථානයේ වාර්තා වී ඇති පාරිභෝගිකයින් සූරාකන නීති විරෝධී ඩිජිටල් ණය දෙන යෙදුම් වැඩිවෙමින් පවතින අතර පකිස්ථාන විනිමය සහ සුරැකුම්පත් කොමිසම මේ වන විට අන්තර්ජාලය හරහා ණය දීමේ අයදුම්පත් 75ක් වංචාවන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

එම කොමිසමට අනුව, මෙම නීති විරෝධී යෙදුම්වලට ‘කොල්ලකාරී ණය දීමේ’ හැසිරීමක් පවතිනවා.

ඒ අතරින් බහුතරයක් චීනය කේන්ද්‍රකරගත් සමාගම් බවටයි අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18