spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින්

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාළ සහතික නිකුත් කිරීම වෙනුවෙන් මෙම ජංගම සේවාව පැවැත් වුණා.

අලුත් ගමක් – අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?