ඩිජිටල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න චීනයේ සහාය අපේක්ෂාවෙන්

පරිවර්තනීය අධ්‍යාපන ක‍්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇති අභිප‍්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම සඳහා චීනය විසින් ලබාදෙන සහය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කර තිබෙනවා.

ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා සම්මේලනයේ 42 වැනි සැසිවාරයට සහභාගී වූ අධ්‍යාපන ඇමතිවරයා සහ චීන අධ්‍යාපන අමාත්‍ය හ්වායි ජින්පෙං මැතිතුමන් අතර පැවති විශේෂ හමුවකදී මෙම අදහස් පළ වී තිබෙනවා.

මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ග සහ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.

සංවර්ධන ප‍්‍රයත්න හමුවේ ශ‍්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති අභියෝග සහ ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ලබාගත හැකි විසඳුම් පිළිබඳවත්, විශේෂයෙන් ම ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදිය හැකි පරිදි මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත්, දෙරට අතර සමීප සබඳතා ඔස්සේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වුණා.

පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා චීනයේ හුවාවි ආයතනය සමඟ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ද, චීන අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවේ දී සිහිපත් කෙරුණා.

ශ‍්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා උපාය මාර්ගික සහකරුවකු ලෙස හුවාවි ආයතනය ඉදිරිපත්ව සිටින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ සඳහා තාක්ෂණික උපදේශ සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත් තාක්ෂණික නිලධාරී පුහුණුව සහ යටිතල පහසුකම් සැපයීමටත් චීන ජනරජය වෙනුවෙන් හුවාවි ආයතනය ලබාදෙන සහයෝගය අතිශයින් අගය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48