ඩිජිටල්කරණය වූ කටුනායක ගුවන් තොටුපොළ (ඡායාරූප)

මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය අද (10) දිනයේ සිට ඩිජිටල්කරණය කර තිබෙනවා.

ඒ, අනුව ගුවන් ගමන් සදහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාළකවරුන්ට අත්‍යාවශ්‍ය වන “ගගන නාවික තොරතුරු ප්‍රකාශනය ” මින්පසු අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල්කරණය වෙමින් ඔවුන් අතට පත් වීම සිදුවනවා.

එමෙන්ම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ( Flight Plan ) ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර, එම කාලයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා.

මේ වනවිට යුරෝපය, ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිත කරන අතර, ආසියා ෆැසිපික් කළාපයේ මාලදිවයින, ඉන්දුනීසියාව සහ භූතානය ‍යන රටවල් තවමත් තම ගුවන් සීමා කළාපවල ගුවන් යානා හැසිරවීම සදහා මෙම තාක්ෂණය භාවිත කරන්නේ නැහැ.

මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත්ව තිබෙනවා.

මෙම පද්ධතිය සදහා ජාත්‍යන්තර අයි.එස්.ඕ – 9001 – 2015 තත්ව සහතිකය ද බ්‍රිතාන්‍යයේ අනුමත සමාගමක් විසින් ලබා දී ඇති බව සඳහන්.

මෙම පද්ධතිය මගින් රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ වෙත ද අවශ්‍ය සේවා සම්පාදනය කරනු ලබනවා.

20231010 105326 scaled
20231010 101416 scaled
20231010 105359 scaled
20231010 105511 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39