spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කෙරේ

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර ඔහු, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?