ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කෙරේ

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර ඔහු, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  1. සමාජ ක්‍රියාකාරිකයෙක් 😆😆😆😆😆 පිස්සු මූට එහෙම කියනවනම් රස්තියාදුකාර ජාතිවාදියාට මොනවද කියන්නේ ?