දයාසිරිට පක්ෂ මූලස්ථානයේ දොර වැසේ – ඩාලි පාර උණුසුම් (වීඩියෝ)

Update :- කොළඹ ඩාලි පාරේ මේ වනවිට (05) දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිය පක්ෂ සාමාජිකයින් සමග මූලස්ථානයට පැමිණීමත් සමගයි.

මහලේකම්වරයා පැමිණ ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ ගැනීමේ දී ඊට පොලිසිය අවසර ලබා දී නැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පොලිසිය සහ පාක්ෂිකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

——————————————————

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානය අවට මේ වනවිට (05) දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

එහි රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළේ; කොළඹ ඩාලි පාරේ පිහිටි මෙම පක්ෂ මූලස්ථානය අවට මේ වනවිට පොලිසිය මෙන් ම යුද හමුදාවෙන් ද පැමිණ ඇති බවයි.

ඊට අමතර ව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර රථ ද මාර්ගයේ දෙපස නවතා තිබෙන බවත් වාර්තා වනවා.

අද (05) උදෑසන පක්ෂ මූලස්ථානයට එන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඉල්ලීමක් කර තිබුණා.

මේ හේතුවෙන් එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වේ යැයි අනුමාන කරමින් ශ්‍රීලනිප මූලස්ථානයේ පරිපාලනයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (03) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් ලිපියක් නිකුත් කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා වෙනත් නව පක්ෂවලට නායකත්වය දෙමින් ඒවායේ සාමාජිකත්වය ගැනීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවටයි ශ්‍රීලනිප සභාපතිවරයාගේ ලිපියෙහි දැක්වුණේ.

නමුත් එවන් ආකාරයේ ලිපියක් තමන් වෙත නොලැබුණු බවත්, මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල සභාපතිවරයෙකු පත් කර නොමැති බවත් අධිකරණයෙන් පක්ෂය වෙනුවෙන් පත් කර ඇති එකම මහලේකම්වරයා වන්නේ තමන් පමණක් බව ද සඳහන් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට විශේෂ ලිපියක් ද යොමු කළා.

එවන් පසුබිමක් මතයි එම පක්ෂයේ සාමාජිකයින් ව මෙලෙස අද මූලස්ථානයට කැඳවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37