ඩාලි නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් ජලයට කාන්දු වීමේ අවදානමක්

අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ භාණ්ඩ ඩාලි නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 වසරේ සිට තවත් අනතුරු තුනකට ලක් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පාලමෙහි ගැටීමෙන් පසු නෞකාවේ අසුරා තිබු බහාලුම් 13කට හානි සිදුවී ඇති අතර, ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට අනුමාන කරමින් අන්තරායකර ද්‍රව්‍ය සම්බන්ධව පුහුණුව ලැබූ අමෙරිකානු වෙරළාරක්ෂක කණ්ඩායමක් ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද මාද්‍ය වාර්තා කර සිටියා.

අමෙරිකානු රජයේ තොරතුරුවලට අනුව අනතුරට ලක්වීමෙන් පසු එම නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් ද මතු වී ඇති අතර, එම අවදානම පිළිබඳ වෙරළාරක්ෂක කණ්ඩායමේ දැඩි අවධානය යොමු වී ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39