spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩාලි නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් ජලයට කාන්දු වීමේ අවදානමක්

අමෙරිකාවේ බැල්ටිමෝර් වරායේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ භාණ්ඩ ඩාලි නෞකාව මීට පෙර අනතුරු කිහිපයකට මුහුණ දුන් නෞකාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

එම නෞකාව 2016 වසරේදී බෙල්ජියමේ ඇන්ට්වර්ප් නුවර වරායේ සිට බ්‍රෙමහවන් දක්වා යාත්‍රා කිරීම ආරම්භ කළ මොහොතේදීම එම වරායේ වේදිකාවේ ගැටී මීටර් ගණනාවක කොටසකට හානි සිදුවූ බවත්, මීට අමතරව 2018 වසරේ සිට තවත් අනතුරු තුනකට ලක් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පාලමෙහි ගැටීමෙන් පසු නෞකාවේ අසුරා තිබු බහාලුම් 13කට හානි සිදුවී ඇති අතර, ගඟට වැටුණු එම බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය තිබිය හැකි බවට අනුමාන කරමින් අන්තරායකර ද්‍රව්‍ය සම්බන්ධව පුහුණුව ලැබූ අමෙරිකානු වෙරළාරක්ෂක කණ්ඩායමක් ඒ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද මාද්‍ය වාර්තා කර සිටියා.

අමෙරිකානු රජයේ තොරතුරුවලට අනුව අනතුරට ලක්වීමෙන් පසු එම නෞකාවෙන් ඩීසල් ගැලුම් මිලියන 1.8ක් පමණ ජලයට කාන්දු වීමේ අවදානමක් ද මතු වී ඇති අතර, එම අවදානම පිළිබඳ වෙරළාරක්ෂක කණ්ඩායමේ දැඩි අවධානය යොමු වී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?