ඩ්‍රෝන යානාවකින් ට්‍රම්ප් ව ඝාතනය කරනවා – ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඩ්‍රෝනා යානාවක් භාවිත කර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කළ හැකි බව ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මොහොමඩ්-ජාවාඩ් ලරිජානි පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව හා ඉරානය අතර මේ සතියේ අග නෝර්වේ හි දී නැවත සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කෙරුණ ද එම සබඳතා ඉදිරියට ගෙන යාම අසීරු විය හැකි බවයි.

ට්‍රම්ප් පසුගියදා සටන් විරාමය නිවේදනය කරමින් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන බවට කළ ප්‍රකාශයෙන් පසුව කමේනිගේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශකවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම දැඩි ආන්දෝලනයක් මතු කර තිබෙනවා.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද කමේනිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයාගේ මතය සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයේ විවේකී සුවයෙන් ගත කරන අවස්ථාවක ඩ්‍රෝන ප්‍රහාරයට ලක් විය හැකි බවටත් ඉරානය දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14