ඩ්‍රෝන යානාවක් සෞදි හමුදාව විසින් පුපුරණ ද්‍රව්‍ය සමඟ පුපුරුවයි : තුවාල ලැබූ පිරිස අතර ලාංකිකයෙක්

යේමන දේශසීමා ආසන්නයේ පිහිටි සෞදි අරාබියට අයත් ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් යේමනයේ හවුති කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබූ “බෝම්බ සහිත” ඩ්‍රෝන යානයක් පුපුරුවා හැරීමට සෞදි ආරක්ෂක අංශ විසින් කටයුතු කර තිබෙනවා.

එලෙස පුපුරුවා හරිනු ලැබූ ඩ්‍රෝන යානාවේ සුන්බුන් වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසට ද ශ්‍රී ලාංකිකයෙකු ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

AFP පුවත් සේවයට අනුව තුවාල ලැබූ පිරිස අතර සෞදි ජාතිකයන් දෙදෙනෙකුට අමතරව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකික පුරවැසියන් පුරවැසියන් ද සිටින බවයි සඳහන් වන්නේ.

යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් කරන සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා අරාබි සන්ධානය බ්‍රහස්පතින්දා කියා සිටියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට සුන්බුන් වැටීමෙන් සංචාරකයින් සහ විවිධ ජාතීන්ට අයත් කම්කරුවන් තුවාල ලැබූ බවයි.

ආරක්ෂක ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමෙන් පසු අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණු බවයි එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26