ඩ්‍රාවිඩ්ගේ රාජස්ථාන් රෝයල්ස් සමඟ පැවති සම්බන්ධය අවසන්

2026 IPL තරගාවලියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් රාහුල් ඩ්‍රාවිඩ් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

වසර ගණනාවක් රාජකීය කණ්ඩායමේ ගමනේ ප්‍රධාන චරිතයක් වූ ඩ්‍රාවිඩ්, ක්‍රීඩක පරම්පරාවක් හැඩගැස්වීම, සංචිතය තුළ ශක්තිමත් වටිනාකම් ඇති කිරීම සහ කණ්ඩායමේ සංස්කෘතියට කල් පවතින බලපෑමක් ඇති කිරීම යන ගෞරවය රාහුල් ඩ්‍රාවිඩ්ට හිමිවන බවයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස්, එහි ක්‍රීඩකයින් සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රසිකයින් රාහුල්ට ෆ්‍රැන්චයිස් සඳහා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

2024 සැප්තැම්බර් මාසයේදී බහු අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත රාහුල් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර, ඔහු IPL 2025 ව්‍යාපාරය අධීක්ෂණය කළේ පාදයේ ඇතිව තිබූ ආබාධයත් සමඟින්.

2025 අයි.පි.එල් තරගවාරයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම 09 වන ස්ථානයේ සිට තරගාවලිය අවසන් කළා.

02 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27