ඩලස් ජනපති සටනට ඇත්තටම ආවේ ඇයි ? පොහොට්ටුව ඇතුළේ අර්බුදයක්

ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක් කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදී රජය ගොඩනංවා ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ ප්‍රමුඛ අරමුණ පෙරදැරිව, ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා මේ වනවිට සිව්කොන් සටනක් නිර්මාණය වී අවසන්.

ඒ, ජනාධිපති තනතුර සඳහා තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ද තරග කරන බවට ජාතික ජන බලවේගය ඊයේ (17) ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඒ අනුව මේ වනවිට වැඩබලන ජානාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ, සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති සටන වෙනුවෙන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුදයක් මතුව තිබෙනවා.

ඒ අනුව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂය වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි .

කෙසේ වෙතත් සාගර කාරියවසම්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් විසින් ඊයේ (16) දිනයේ දී කරුණු විමසා ලිපියක් ද යොමුකර තිබුණා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14