ඩර්ඩන්ස් රෝහලේ “Alfred House Wing” නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස ඩර්ඩන්ස් රෝහලේ සැබෑ ජයග්‍රහණය පවතින්නේ එය රෝහලක් නිසා පමණක්ම නොව සමස්ත ආයතනයක් ලෙස ඔවුන් රටට ගෙනෙන අභිමානය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමඟ ඉදිරියට යන ලෙස ඩර්ඩන්ස්‌ රෝහලෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්‍ෂණික ක්‍රමයන්ට ශ්‍රී ලංකාව ළඟා වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.

නවෝත්පාදන හා තාක්‍ෂණික අභියෝගවලට මුහුණ දීමට හැකි වන සේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් තාක්ෂණික විශ්වවිද්‍යාල පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (12) කොළඹ ඩර්ඩන්ස් රෝහලේ “ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්” නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ඩර්ඩන්ස් රෝහලේ ඉතිහාසය සහ ගමන් මග පිළිබඳ රචිත ” Journey of Care ” කෘතිය (Coffee Table Book) එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින්.

ඩර්ඩන්ස් රෝහල ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සිට සෞඛ්‍ය සේවයට සංක්‍රමණය වීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග හමුවේ, එවැනි පරිවර්තනයක් මගින් සමස්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතියම නවීකරණයට ලක් කළ හැකි බව පෙන්වා දීම සම්බන්ධයෙන් ද ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසාව පළ කර තිබෙනවා.

අති නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට හදුන්වාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

පෞද්ගලික රෝහල්වලට සමාන්තරව රජයේ රෝහල්වල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා පිරිවැය ඉතිරි කිරීමේ මුලපිරීම් මගින් සෞඛ්‍ය සේවා පද්ධතියට නැවත ආයෝජනයන් සිදු කිරිම සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසා කළා. ඉදිරි වසර කිහිපය තුළ රජයේ රෝහල්වල කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

නවීන තාක්ෂණයත් සමග ශීඝ්‍රයෙන් වෙනස්වීම්වලට භාජනය වන වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් සිදුවන නව සොයාගැනීම් හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු යාවත්කාලීන කිරීම් සඳහා ආයෝජන අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කරනු ලැබුවා.

පසුගිය දශකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත් කර ගෙන ඇති ප්‍රගතිය පෙර පරම්පරාවල දක්නට ලැබුණු ප්‍රගතිය අභිබවා ගොස් ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා ඇතුළු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් ආදර්ශය අන් අය ද අනුගමනය කරනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය විශ්වාසය පළ කළ අතර මෙම විශිෂ්ඨ ආයතනය ගොඩනැගීමට දායක වූ සමස්ත රෝහල් කණ්ඩායමට ස්තුතිය පළ කර සිටියා.

“ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්” නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා විසින් “Journey of Care” කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51