ඩර්ඩන්ස් රෝහලේ “Alfred House Wing” නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස ඩර්ඩන්ස් රෝහලේ සැබෑ ජයග්‍රහණය පවතින්නේ එය රෝහලක් නිසා පමණක්ම නොව සමස්ත ආයතනයක් ලෙස ඔවුන් රටට ගෙනෙන අභිමානය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමඟ ඉදිරියට යන ලෙස ඩර්ඩන්ස්‌ රෝහලෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්‍ෂණික ක්‍රමයන්ට ශ්‍රී ලංකාව ළඟා වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.

නවෝත්පාදන හා තාක්‍ෂණික අභියෝගවලට මුහුණ දීමට හැකි වන සේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් තාක්ෂණික විශ්වවිද්‍යාල පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ ඊයේ (12) කොළඹ ඩර්ඩන්ස් රෝහලේ “ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්” නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ඩර්ඩන්ස් රෝහලේ ඉතිහාසය සහ ගමන් මග පිළිබඳ රචිත ” Journey of Care ” කෘතිය (Coffee Table Book) එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින්.

ඩර්ඩන්ස් රෝහල ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සිට සෞඛ්‍ය සේවයට සංක්‍රමණය වීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග හමුවේ, එවැනි පරිවර්තනයක් මගින් සමස්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතියම නවීකරණයට ලක් කළ හැකි බව පෙන්වා දීම සම්බන්ධයෙන් ද ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසාව පළ කර තිබෙනවා.

අති නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට හදුන්වාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

පෞද්ගලික රෝහල්වලට සමාන්තරව රජයේ රෝහල්වල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා පිරිවැය ඉතිරි කිරීමේ මුලපිරීම් මගින් සෞඛ්‍ය සේවා පද්ධතියට නැවත ආයෝජනයන් සිදු කිරිම සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසා කළා. ඉදිරි වසර කිහිපය තුළ රජයේ රෝහල්වල කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

නවීන තාක්ෂණයත් සමග ශීඝ්‍රයෙන් වෙනස්වීම්වලට භාජනය වන වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් සිදුවන නව සොයාගැනීම් හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු යාවත්කාලීන කිරීම් සඳහා ආයෝජන අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කරනු ලැබුවා.

පසුගිය දශකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත් කර ගෙන ඇති ප්‍රගතිය පෙර පරම්පරාවල දක්නට ලැබුණු ප්‍රගතිය අභිබවා ගොස් ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා ඇතුළු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් ආදර්ශය අන් අය ද අනුගමනය කරනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය විශ්වාසය පළ කළ අතර මෙම විශිෂ්ඨ ආයතනය ගොඩනැගීමට දායක වූ සමස්ත රෝහල් කණ්ඩායමට ස්තුතිය පළ කර සිටියා.

“ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්” නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා විසින් “Journey of Care” කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01