විශ්වාසයෙන් යුතුව වගකීමක් සහිතව iPhone – 16 ගන්න ඩයලොග් වෙතින් පාරිභෝගිකයින්ට අවස්ථාවක්

APPLE සමාගම විසින් මෙම වසරේ සැප්තැම්බර් මස 20 වැනි දින ලෝකයේ සියලුම රටවලට පාහේ මුදා හැරුණු ඔවුන්ගේ නවතම iPhone 16 දුරකතනය මේ වනවිට ශ්‍රී ලංකාවට ද පැමිණ තිබෙනවා.

එය මෙරට පාරිභෝගිකයින්ට වගකීමක් සහිතව මිලට ගැනීමට මෙරට පිහිටි ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ‘ඩයලොග් ආසිආටා පෞද්ගලික සමාගම කටයුතු සම්පාදනය කර අවසන්.

ඒ අනුව එම සමාගම විසින් සිය පාරිභෝගිකයන් සඳහා නවතම iPhone 16 දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

වගකීමක් සහිතව, විශ්වසනීයත්වයකින් iPhone 16 දුරකතනයක් මිල දී ගැනීම සඳහා ඔබටත් ඩයලොග් සමාගමේ ප්‍රධාන ශාඛාව වෙත පැමිණිය හැකියි.

මෙම හඳුන්වාදීම සිදු කෙරුණේ, ඊයේ (21) දින ඩයලොග් අයිකොනික් පරිශ්‍රයේදී යි.

මීට සහභාගී වූ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී Lim Li San මහත්මිය පැවසුවේ; වගකීමෙන් යුතු නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත පිරිනැමීම ඔවුන්ගේ අරමුණ බවයි.

එමෙන්ම TRCSL අනුමත අලෙවි සමාගම් අතලොස්ස අතරෙන් එකක් බවට ඩයලොග් පත්ව තිබීම ගැන ඇත්තේ ද ඉමහත් ආඩම්බරයක් බවත්; ඩයලොග් අපගේ ‘Future Today’ යන පාඨය, හුදෙක්ම සන්නාම පොරොන්දුවකට එහා ගිය විශිෂ්ටත්වය පාරිභෝගිකයා වෙත පිරිනැමීමේ පොරොන්දුව ඒ ආකාරයෙන් ම නිරන්තරයෙන් ඉටු කරමින් සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් ඒ සඳහා නිරන්තරයෙන් අසමසම වටිනාකම සමගින් ඉහළම අත්දැකීමක් පාරිභෝගික ඔබ වෙත පිරිනැමීම ඩයලොග් සමාගමේ ඒකායන අරමුණ බවයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී Lim Li San මහත්මිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16