ඩයලොග්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට Data ගාස්තුවලින් තොරව භාෂා තුනෙන්ම සහය ලබාගත හැකි AI Platform එක, ai.dialog.lk හරවා එළිදක්වයි

සියලුම ඩයලොග් පාරිභෝගිකයින්ට නොමිලේ පිවිසීමේ හැකියාව සමඟ, සෑම ශ්‍රී ලාංකිකයකුටම හඳුන්වා දෙන, වඩාත් දේශීය වූ AI platform එක

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පිඑල්සි, AI තාක්ෂණයේ මහිමය මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට කැන්දමින් මෙරට ප්‍රථම වතාවට, භාෂා තුනෙන්ම සහය සලසන AI platform එක එළිදැක්වූ බව සතුටින් දැනුම් දෙයි.දිවයින පුරාවටම ජනතාවට තම ඉගෙනීමේ සහ අනෙකුත් කටයුතු සඳහා, ඒ ගාස්තුවලින් තොරව, ස්මාර්ට් තාක්ෂනය මෙලෙස සමීප කරන ඩයලොග්, සියලු පාරිභෝගිකයින්ට සහන සැලසීමේ සුවිශේෂී ඉදිරි පියවරක් කරා Dialog AI සමඟින් එළඹෙයි.

පරිභෝගයින්ට භාෂා තුනෙන්ම සහය සලසන Dialog AI , වෙනස් භාෂාවක් හැදින ගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට සමත් නිසා, Ai සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලංකිකයෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි වේ. ඒ අනුව, විභාග අපේක්ෂකයෙකුට හා ව්‍යාපාරික යෝජනාවක් සකස් කරන ව්‍යාපාරිකයෙකුට මෙන්ම, කාලගුණ තත්ත්වය දැනගැනීමට බලාපොරොත්තු වන ගොවියෙකුට වුවත්, එකසේ සාර්ථක ප්‍රතිචාර ඒ මඟින් ලබාගත හැක. එමෙන්ම, Singlish සහ Tanglish වලින් ඉදිරිපත් කරන අදහස් පවා පහසුවෙන් අවබෝධ කරගැනීමට ඊට හැකි වීමෙන්, මෙරටට වඩාත් ගැළපෙන AI අත්දැකීමක් සමඟින් වඩාත් විශ්වාසදායී Ai සහය ලබාදී ශ්‍රී ලාංකිකයන් බලගැන්වීමට Dialog Ai සමත් වෙයි.එමෙන්ම මෙය ශ්‍රී ලාංකිකයන් සඳහාම සකස් කර ඇති විසඳුමක් නිසාම, පරිභෝගකයින්ට වඩාත් පෞද්ගලීකකරණය වූ අත්දැකීම් පිරිනැමීම සඳහා, එක එක පරිභෝහිකයන්ට වෙනස් භාෂා විලාසයන්ද අනුව ශ්‍රී ලාංකිකයින්ට ඉගෙනීම අතින් හා සෑම දෛනික කටයුත්තක් තුළින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට සූදානම් Dialog AI මගින්, සිසුන්ට පහසුවෙන්ම තම සටහන් සාරාංශගත කිරීමටත්, තමන්ට අවශ්‍ය ඕනෑම පරිවර්තන කටයුත්තක් පහසුවෙන් සිදුකර ගැනීමටත් හැකි වේ. සිසුන්ට රචනා ලිවීමටද මේ සමග පුහුණු විය හැකි අතර, ගුරුවරුන්ට භාෂා කිහිපයකින් පවතින පන්තිවලට අවශ්‍ය පාඩම් පහසුවෙන්ම සකස් කර ගැනීමටද හැකි වේ. Dialog AI සහය ඇතිව, සිසුන්ට පැහැදිලි කළ යුතු සංකීර්ණ සංකල්ප, මේ මේ සරල කර ගැනීමට හැකිවීමෙන් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාර්යයද වඩාත් පහසු වේ. ප්‍රධාන භාෂා තුන හැරුණු විට, ප්‍රාදේශීය උප භාෂාවන්වලටද සාර්ථකව ප්‍රතිකාර දක්වන Dialog AI, ඩිජිටල් පහසුකම් අඩු දුෂ්කර ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසයෙන් යුතුව තනිව ඉගෙන ගැනීමට බලගන්වයි.

Dialog AI, ශ්‍රී ලංකයින්ට තමයි ගිණුම් කටයුතු වලින් ඔබ්බට කෘෂිකාර්මික, සංචාරක සහ කුඩා ව්‍යාපාර ඇතුළු විවිධ අංශවල ශ්‍රී ලාංකිකයින්ට තම ජීවිකාව පවත්වාගෙන යාමට ද සහාය දක්වන විසඳුමකි. ගොවීන්ට තම වගාවන් සහ පළිබෝධ පාලනය පිළිබඳ සරල ප්‍රශ්න වලට පහසුවෙන් තේරුම් ගත හැකි, කාලෝචිත උපදෙස් ඒ හරහා ලබාගත හැක. ව්‍යවසායකයින්ට සහ කුඩා ව්‍යාපාර හිමියන්ට ඕනෑම ලේඛනයක් පහසුවෙන් සකස් කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, වරක් දෙවරක් ක්ලික් කිරීම පමණි. සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල නිරත අයටද, මේ හරහා තම වෘත්තීයට අදාළ කටයුතු පහසුවෙන් කරගත හැකි අතර, අලුතෙන්ම සංචාර සැලැස්මක් සකස් කරන පිරිසට එවැන්නක් සකස් කිරීමට ගතවන්නේද තත්පර කිහිපයක් පමණි. මෙලෙසට අයලු ඒ අය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ගණනාවක පුද්ගලයින් කාර්යක්ෂමව තව වැඩ කටයුතු කරගෙන යාම සඳහා සුවිශේෂී සහය පිරිනමයි.

එපමණක් නොව, පාරිභෝගිකයින් ඇතුළත් කරන තොරතුරු වල පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සලකා ඉහළම ප්‍රමිතීන් අනුව පවත්වාගෙන යන Dialog AI, ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයට නවතම මිනුම් සලකුණු එක්කරන විසඳුමක් ද වෙයි.

පාරිභෝගිකයින්ට ai.dialog.lk වෙත පිවිසීමෙන් අත්හදා බැලීමේ කාලසීමාව පොරක් කිසිදු ඩේට ගාස්තුවකින් තොරව, පහසුවෙන්ම AI හි සහාය ලබාගත හැකි වේ. වඩාත් උසස් විශේෂාංග සඳහා මෙහි upgrade කළ AI අනුවාදය භාවිතා කිරීමටද පාරිභෝගිකයින්ට හැකි අතර, මූලික විශේෂාංග වලට අඛණ්ඩව නොමිලේ පිවිසිය හැක.

ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය කරා වර්තමානයේ අභීතව පියනගන අතර, Dialog AI සමග සියලු ශ්‍රී ලාංකිකයින්ට තම කැමැත්ත පරිදි පහසුවෙන්ම, smart අනාගතය වැළඳ ගැනීමට අවස්ථාව සලසයි.

Dialog AI සමග ඉගෙනීම, වැඩ කටයුතු කරන ආකාරය පමණක් නොව, ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කරන ආකාරයද යළි අරුත් ගන්වන මෙම පෙරළිකාර හඳුන්වාදීම පළමුවත් විඳීමට, ඔබත් ai.dialog.lk වෙත පිවිසෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00