ඩයනා අත්අඩංගුවට ගන්නවා ද ? නැත් ද ? – තීරණයට දින නියම වෙයි

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණය අප්‍රේල් මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ඩයනා ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශය තුළින් ඇය බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පිළිගෙන ඇති බවයි.

තමන් ද්විත්ව පුරවැසිභාවය මෙරට දී ලබා නොගත් බව ඇය විසින්ම පිළිගෙන ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ලංකා පුරවැසි භාවයක් නොමැති තැනැත්තියක් විදේශ ගමන් බලපත්‍ර තුනක් ලබා ගත්තේ කෙසේදැයි විමසා සිටියා.

මේ තුළින් ඇය ආගමන හා විගමන පනතේ යටතේ වරදක් කර ඇති බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා කටයුතු නොකරන හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32වන වගන්තිය යටතේ ඇය අත් අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතීඥ අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩි විරෝධය පළ කර තිබෙනවා.

තම සේවාදායිකාව බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි බව මෙතෙක් ඔප්පු වී නැතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධියට අදාළ නඩු කරයක් අභියාචනාධිකරණය හමුවේ පවතින බවත් එහි තීන්දුව ඉදිරියේදී දීමට නියමිතව ඇති බවයි ප්‍රකාශ කළේ.

තම සේවාදායිකාවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා යම් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ අධිකරණය හෝ නීතිපතිවරයා නොව පොලිසිය බව කියාසිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුල මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහිදී සඳහන් කළේ මෙම නඩුකරයේ දී නීතිපතිවරයා මන්දගාමීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කිරීමට නීතිපතිවරයා කටයුතු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ පොලිසිය බවත් පැවසූවා.

මෙම නඩු කටයුත්තට සම්බන්ධ නඩු තීන්දුවක් ජුනි මස 6 වන දා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන බැවින් මෙම නඩු කටයුත්තට අදාළව ඉන් පසුව තීරණයක් ලබා දෙන ලෙසද ඇය ඉල්ලා තිබෙනවා.

නීතිඥ ප්‍රජාව නියෝජනය කරමින් කරුණු දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඩයනා ගමගේ මහත්මියගේ නිවසට ගොස් ඇයගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

සාමාන්‍ය මහජනතාවට මෙම සහනය හිමි වන්නේ ඇයි දැයි විමසා සිටි නීතිඥ වන්නිනායක මහතා මේ තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන බලපෑම පැහැදිළි වන බවත් කියා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අයෙකුට ඉල්ලුම් කිරීමකින් තොරව නිරායාසයෙන්ම මෙරට පුරවැසිභාවය හිමි වන්නේ ද යන්නයි.

එලෙස පැමිණි අයෙකුට මෙරට පුරවැසිභාවය ලබා ගැනීමකින් තොරව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා.

එසේ ලබාගෙන තිබේ නම් එය ආගමන හා විගමන පනත යටතේ වරදක් දැයි මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් විමසනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ යම් පුද්ගලයෙකුට අයදුම් කිරීමකින් තොරව නිරායාසයෙන්ම මෙරට පුරවැසිභාවය ලබා ගත නොහැකි බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39