ඩයනාට එරෙහි පෙත්සම යළි විභාගයට

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම සැප්තැම්බර් මස 14 වනදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවයි.

ඒ, අනුව අදාළ නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියම කළා.

ඒ, අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වනදා සිදු කිරීමට ද නියෝග කෙරුණා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියාසිටින්නේ වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බවයි.

එබැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඇයගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එහෙත් නඩු විභාගය අතරතුර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුකරයේ අන්තර්ගත නඩු නිමිත්ත නිශ්චිත කරුණු මත පදනම් වී නොමැති බැවින් එම කරුණු මත රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බව අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

ඒ, අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25