spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බව කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්.මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාචනධිකරණ විනිසුරු මණ්ඩුල්ල හමුවේ විභායට ගැනීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (06) දිනට කල් දැමුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

බ්‍රිතාන්‍ය පුරවැසියෙකු යැයි කියන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
13
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?