ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රය අද සිට අක්‍රීයයි

සුප්‍රසිද්ධ බලපත්‍රලාභී මෙරට මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකිරීමේ වරදට අදාළ තීරණය අධිකරණය විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ අතර ඊට සමගාමීවයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ.

නමුත් එදින නඩු වාරයෙන් පසුව විත්තිකාර මෙන්ඩිස් සමාගම පෙත්සමක් මගින් ඉල්ලා සිටියේ තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි.

නමුත් ඊයේ (04) දිනයේ දී අභියාචනාධිකරණය මගින් අදාළ පෙත්සම විභාග නොකර නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබු අතර දිර්ඝව කරුණු විමසා බැලිමකින් අනතුරුවයි මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට විනිසුරු මඬුල්ල නියෝග කරනු ලැබුවේ.

මෙන්ඩිස් සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයක් නොවැම්බර් 30 වැනිදාට පෙර රජයට අය විය යුතු හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් එකී සමාගම් බව බලපත්‍ර අහෝසි කිරිමට සුරාබදු දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇති බව එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

අනෙකුත් සමාගම් මේ වන විට එම හිඟ බදු මුදල් ගෙවා ඇති බැවින් මෙම පෙත්සම නිශ්ප්‍රභ කර බදු මුදල් ගෙවන ලෙස නිකුත් කර ඇති නියෝගය පරිදි ක්‍රියා කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.

රජයට අය විය යුතු හිඟ බදු මුදල වන කෝටි 355ක් නොගෙවීම සම්බන්ධයෙන් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් පරිදි මාස හයකට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

මෙම කරුණු සියල්ලම සලකා බලමින් ඊයේ පස්වරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වයේ තීන්දුව ක්‍රියාත්මක කරන බවට නිවේදනය කළා.

කෙසේවෙතත් සුරාබදු ආඥා පනත අනුව සුරාබදු බලපත්‍රයක් ලබාදීම හා අහෝසි කිරීමට බලය ඇත්තේ මුදල් අමාත්‍යාවරයාට පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51