ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි

මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක් මත තබා දෙගුණ තෙගුණ කර ගැනීමට ගොස් එම මුදල වැලි බවට පත් කර ගැනීමේ සිද්ධියක් මීගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව පුවත්පතක සඳහන් කර තිබෙනවා

මෙම ව්‍යාපාරිකයා ඔක්සිජන් සහ ගෑස් වර්ග අලෙවි කිරීමේ ව්‍යාපාරික ආයතනයක් කටාන කළුවාරිප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අතර ,ව්‍යාපාර ආයතනයේ කළමනාකරු ලෙස කටයුතු කරන පමුණුගම උස්වැටකෙයියාව පදිංචි පුද්ගලයෙකුට භූතාවේශයක් සහ ආරූඩයක් ඇති බව පවසා තිබෙනවා

පසුව මෙම පුද්ගලයා විසින් අදාළ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර අඩාල වී ආදායම් තත්ත්වය පහළ වැටී ඇත්තේ නරක කාලයක් පැවතීම නිසා බවත් ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ අටක මුදල බහිරව තට්ටුවක් මත තබා බහිරවයාගේ ආශීර්වාදයෙන් දෙගුණ තෙගුණ කරගත හැකි බවත් පවසා තිබෙනවා

ඒ අනුව භූතාවේශයක් සහ ආරූඩයක් සහිත තමා විසින් කරනු ලබන එම බහිරව පුජාවෙන් පිහිටක් ලැබෙන බව පවසා ඒ සඳහා ව්‍යාපාරිකයාට සැපයිය යුතු පූජා සහ අඩුම කුඩුම පිළිබඳව කළමනාකරු යැයි කියන පුද්ගලයා විසින් ව්‍යාපාරිකයා දැනුවත් කර තිබෙනවා

ඉන්පසු මෙම කළමනාකාර කට්ටඩියා ව්‍යාපාර හිමිකරු මහ රෑ කටාන ප‍්‍රදේශයේ හුදෙකලා නිවසක් වෙත කැඳවා ගෙන ගොස් තිබෙන අතර එම නිවස මුළුමනින්ම අඳුරු කර තිබු බවයි වාර්තා කර ඇත්තේ

බහිවරයාට මල් බුලත් තට්ටුව සකසා කළමනාකාර කට්ටඩියා ස්ත්‍රෝත‍්‍ර කියමින් සිට ඇති අතර ව්‍යාපාරිකයාද බහිරව තට්ටුව ඉදිරියේ සිට ඇති අතර එහිදී හදිසියේ ආරූඩ වූ සැකකරු ව්‍යාපාරිකයා අමතා පරුෂ වචනයෙන් අමතා ව්‍යාපාරිකයාට මල් බුලත් තට්ටුවේ තිබූ පිහියක් අමෝරාගෙන අනින්නට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ

ආයාසයෙන් කට්ටඩියාගෙන් ගැලවුණු ව්‍යාපාරිකයා ආධාර පතා නිවසින් පිටතට පලා ගොස් ඇති අතර පසුව ඉන් ටික වේලාවකට පසු ව්‍යාපාරිකයා එම නිවසට යළි ඇතුළු වී බලද්දි කට්ටඩි මැනේජර් තට්ටුව අසල නින්දේ පසුවනු දැක තිබෙනවා .

ඉන් අනතුරුව ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 8 දමා තිබූ කවර පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ඇත්තේ වැලි පමණක් වූ බවත් මුදල් අතුරුදන්වී තිබුණු බවත් සඳහන්

පසුව ප‍්‍රකෘති තත්ත්වයට පත්වූ තම කළමනාකාර කට්ටඩියාගෙන් ව්‍යාපාරිකයා මුදල් පිළිබඳව විමසූ අවස්ථාවේ කට්ටඩියා පවසා ඇත්තේ පූජා තට්ටුව මත තිබූ මුදල් අතුරුදන් වීම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් එයට පිළිතුරු ලබාගත හැක්කේ බහිවරයාගෙන් බවත්ය.

පසුව ව්‍යාපාරිකයා විසින් කටාන පොලිසියට කළ පැමිණිල්ල මත ඔහුගේ කළමනාකාර කට්ටඩියා අත්අඩංගුවට ගෙන මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46