ඩඩ්ලි සිරිසේනගෙන් ඇනොනිමස්ලාට දෝස් මුරයක්

ඩඩ්ලි සිරිසේන මහතා ලංකාවේ සුප්‍රකට සහල් ව්‍යාපාරිකයෙක්.ඒ මහතා සම්බන්ධයෙන් ඇනොනොමස් හැකර් කණ්ඩායම හෙලි කළ බව කියන යම් වත්කම් ප්‍රමාණයක් සහ තවත් කරුණු රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය වල කරුණු තොරතුරු වනවා ඔබ දැක ඇති.
ඒ සම්බන්ධව ඩඩ්ලි සිරිසේන මහතා තම මුහුණුපොතේ මේ සටහන තබා තිබුනා.

එම සටහන පහතින් ,

මේ දිනවල දේශපාලනමය වශයෙන් බංකොළොත් වූ එක්තරා ත්‍රාඩ කල්ලියක් විසින් මාගේ ව්‍යාපාර අලලා, නොයෙකුත් සමාජ දුර්මතයන් ජනගත කිරීමට පෙළඹී තිබීම අතිශයින්ම කණගාටුදායකය.
ඔවුන් විසින් ලෝකය පුරා විහිදී ඇති අති දක්ෂ පරිඝණක පද්ධති ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන ඇනොන්ය්මොඋස් වරු ලබාදුන් තොරතුරු යැයි පවසමින් මාගේ වත්කම් එක්තරා පවුලකට අයත් කලු සල්ලි ලෙස හුවා දැක්වීමටත්, ලංකාව පුරා විහිදී ඇති ප්‍රකට දේශීය සන්නාම බහුතරයක් එම පවුලේ බූදල් ලෙස හුවා දැක්වීමට කටයුතු කරමින් සිටීමත් පෙනෙන්නට ඇත.
අයථා ලෙස උපයන ලද මහජන ධනය යොදවා පාලනය කරනු ලබන සමාජ ජාලා පිටු කිහිපයක් සහ වෙබ් පිටු කිහිපයක් ආශ්‍රයෙන් ප්‍රචාරය කරනු ලබන මෙම සාවධ්‍ය පුවත සීග්‍රයෙන් මේ වන විට සමාජයේ සංසරණය වෙමින් ඇත.
ඔවුන් විසින් සඳහන් කරන පරිදී රාජපක්ෂ පවුලේ වත්කම් යැයි පවසන මේ තොරතුරු අඩංගු මූලාශ්‍ර (ඇනොන්ය්මොඋස් සොඋර්cඒ , කොතැනකවත් සඳහන් කිරීමට අසමත්වීමම මොවුන්ගේ නොහැකියාව කදිමට විදහාපාන්නක් වන අතර, මේ මඟින් සැබෑ ජන අරගලය යටපත් කිරීම මොවුන්ගේ යටි අරමුණ වී ඇති බව ඉඳුරාම පැහැදිලිය.
ජනතාව පීඩාවට පත්කරන දුර්දාන්ත පාලකයන් හමුවේ නොබියව නැගී සිටිමින්, ඔවුන්ට එරෙහිව මා ක්‍රියාත්මක වූයේ අද ඊයේ නොවන බව ඔබ සැම දන්නා කරුණක් වන අතර, 2015 වසරේදී පවා පැවති රජය විවේචනය කරමින්, යහපාලන රජය බලයට පත් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදුකළේ මාගේ මැදිහත්වීමෙන් බව රටම දන්නා පරම සත්‍යයක් බව මෙකී ළදරුවන්ට අවබෝධකර දිය යුතුමය.
විශේෂයෙන්ම රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගීකරගනිමින් මා හට මාෆියාකරුවෙකු යැයි අපවාද එල්ල කරමින් අනේකවිධ වූ අභියෝගයන් හා පීඩා එල්ල කළද, ඒ සෑම අවස්ථාවකටම මා නොබියව මුහුණ දුන්නේ මාගේ හෘද සාක්ෂියට අනුව නිවරදි ප්‍රතිපත්තියක සිටගත් නිසාවෙනි.
එහෙයින්, අරලිය සමූහ ව්‍යාපාරය තුළ ඇති එකඳු ආයතනයකට හෝ පුරා දශක හතරක් ව්‍යාපාර ක්ශේත්‍රයේ නියැළෙමින් ඉපැයූ මාගේ පෞද්ගලික ධනය හෝ කිසිඳු අයුරකින් හෝ වෛශ්‍යා වෘත්තියේ යොදවා නොමැති බවත්, මා සතු වත්කම් වලට අදාළව වගකිවයුතු පුරවැසියෙකු ලෙස ආදායම් බදු ආදිය පැහැරහැරීමකින් තොරව ගෙවා ඇති බවත් මෙයින් අවධාරණය කරනු කැමැත්තෙමි.
එසේම බිංදුවේ සිට ගොඩනැඟුණු දේශීය ව්‍යවසායකයෙකු ලෙස මා සතු ව්‍යාපාර සියල්ලකින්ම ලබන ලාභය පෙරළා රට තුළම පමණක් ආයෝජනය කරමින්, රැකියා දස දහස් ගණනක් උත්පාදනය කළ එකම දේශීය ව්‍යවසායකයා වන මා හට එල්ලවන මෙකී චෝදනා දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනා බවත් අවසන් වශයෙන් අවධාරණය කරනු කැමැත්තෙමි.

ඩඩ්ලි සිරිසේන
සභාපති,
අරලිය සමූහ ව්‍යාපාරය
#ConnectWithDudley#FutureSriLanka❤️🇱🇰

image 68
image 69
image 70


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38