ඩක්වත් ලුවිස් න්‍යායයෙන් කොදෙව් කතුන්ට සැනසිලිදායක ජයක්

තරග තුනකින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගන්නට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් අද (26) සමත් වුණා.

මෙම තරගය හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර; කාසියේ වාසියේ ජයත් සමග කොදෙව්වන් පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පළමු ව පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15කුත් පන්දු දෙකකට මුහුණ දෙමින් සිටියදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය මඳකට නතර කරන්නටයි පියවර ගැනුණේ.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 04ක් දැවී ලකුණු 89ක්.

චමරි අතපත්තු ලකුණු 26ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 24ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව්වන් වෙනුවෙන් Afy Fletcher ලකුණු 23කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වන්නට වූ හෙයින්; ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 15ක් තුළ ලකුණු 99ක ඉලක්කයක් හිමිවුණා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 14කුත් එක් පන්දුවක් අවසන් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින් 20-20 තරගාවලියේ ජය 1-1ක් ලෙස ශ්‍රී ලංකාව සමග සම කරන්න සමත් වුණා.

කඩුලු බිඳ හෙලීමේ දී නායිකා අතපත්තු, කවීෂා සහ සචිනි එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කතුන් තරග 1-1ක් ලෙස ජය ගෙන සම මට්ටමේ සිටින හෙයින් එළඹෙන 28 ( අනිද්දා) පැවැත්වෙන අවසන් ටී20 තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනවා.

ඒ තරගාවලි ශූරතාව තමන් සතු කරගැනීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14