ටොප්ලි වෙනුවට පාර්නල් බැංගලෝරයට

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වේන් පාර්නල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වූ එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

ටොප්ලි වෙනුවට බැංගලෝර් කණ්ඩායමට කැඳවූ වේන් පාර්නල් මේ වනවිට එම කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

පසුගිය 02 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිළට එරෙහිව පැවති බැංගලෝර් ආරම්භක තරගයේ දී රීස් ටොප්ලි දකුණු උරහිසේ ආබාධයකට ලක් වුණා.

“රීස්ට අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් ඉවත්වන්නට සිදු වුණා, ඔහුට ආපසු ගෙදර යාමට සිදු වුණා.අපි ඔහුව මෙහි තබා ගැනීමට අපේ උපරිමයෙන් උත්සාහ කළා. නමුත් ප්‍රතිකාර කළ වෛද්‍යවරු සහ ප්‍රවීණයන් යෝජනා කළේ ඔහු ටික කාලයක් විවේකයක් අවශ්‍ය බවයි.” යනුවෙන් බැංගලෝර් ප්‍රධාන පුහුණුකරු සංජය බංගර් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22