spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටොප්ලි වෙනුවට පාර්නල් බැංගලෝරයට

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක වේන් පාර්නල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්වූ එම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

ටොප්ලි වෙනුවට බැංගලෝර් කණ්ඩායමට කැඳවූ වේන් පාර්නල් මේ වනවිට එම කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

පසුගිය 02 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිළට එරෙහිව පැවති බැංගලෝර් ආරම්භක තරගයේ දී රීස් ටොප්ලි දකුණු උරහිසේ ආබාධයකට ලක් වුණා.

“රීස්ට අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් ඉවත්වන්නට සිදු වුණා, ඔහුට ආපසු ගෙදර යාමට සිදු වුණා.අපි ඔහුව මෙහි තබා ගැනීමට අපේ උපරිමයෙන් උත්සාහ කළා. නමුත් ප්‍රතිකාර කළ වෛද්‍යවරු සහ ප්‍රවීණයන් යෝජනා කළේ ඔහු ටික කාලයක් විවේකයක් අවශ්‍ය බවයි.” යනුවෙන් බැංගලෝර් ප්‍රධාන පුහුණුකරු සංජය බංගර් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?