ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය ගුවනින් ශ්‍රී පාදස්ථානයට රැගෙන ගිය හැටි (ඡායාරූප)

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ රතුඅම්බලම සහ ඉදිකටු පහන ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය මඟින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමරය ඇතුළු උපකාර රැගෙන යාම අද (15) පෙරවරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙළිකොප්ටර් යානයකින් මෙම උපකරණ නල්ලතන්නිය ක්‍රිඩාංගණයේ සිට රැගෙන යාම සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ නිලධාරින් සහ භට පිරිසක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුළු සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එකව සිටියා.

ශ්‍රී පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමධින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගඟුලේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා කිලෝමිටර් 05ක් දුරට වන්දනාකරුවන්ට සහ උඩ මළුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබාදීමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 04ක්, ජල
පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදුලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුළු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය මෙලෙස ගුවන් මඟින් රැගෙන යාමට කටයුතු කර තිබුණා.

15
19
18
16
13
12
11
8
3 4
6 1
7
9
4 3
2 4
5 3
1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14