ටෙහෙරානයේ යළිත් පිපිරීම් – ඊශ්‍රායලයේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට උපදෙස් මාලාවක්

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් හඬවල් වාර්තා වීමත් සමඟ ඉරානය විසින් ටෙහෙරානය පුරා ගුවන් ආරක්ෂක පද්ධති නැවත ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙහෙරානයේ වයඹදිග ෂහ්රාක්-ඊ ගාර්බ් සහ සාදත් අබාද් ඇතුළු අසල්වැසි ප්‍රදේශවල මෙම පිපිරීම් හඬවල් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය මඟින් මේ වනවිට ඊශ්‍රායලයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඉරානය සමඟ මතුව ඇති යුද ගැටුම් මධ්‍යයේ මෙම මාර්ගෝපදේශ යාවත්කාලීන කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඒ, අනුව ඊශ්‍රායලයේ තුල්කුරාම්, ජෙනින් සහ ටුබාස් වෙත සිදුකරන සංචාර සහ නැගෙනහිර ජෙරුසලම හැර බටහිර ඉවුරේ ඉතිරි ප්‍රදේශවලට අත්‍යවශ්‍යම සංචාර හැර අනෙකුත් සියලුම සංචාර සිදුනොකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

මීට අමතරව සෑම අවස්ථාවකම ඊශ්‍රායල් රජයේ උපදෙස් අනුගමනය කරන ලෙසයි ඊශ්‍රායලයේ රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය උපදෙස් දී ඇත්තේ.

ජුනි 13 වන දින ඊශ්‍රායලයේ රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු “රටෙන් පිටතට ගුවන් සම්බන්ධතා අකර්මන්‍ය වී තිබෙනවා.

ඒ, ඊශ්‍රායල විසින් තම ගුවන් අවකාශය වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14