ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කළ ලොව 15 වැනි ක්‍රීඩකයා බවට ස්මිත් පත්වෙයි

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයෙන් ලකුණු 10,000 සීමාව අත්පත් කරගත් ලොව පස්වැනි වේගවත් ම පිතිකරුවා බවට අද (29) පත් වුණා.

ඒ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වෝර්න් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගයට එක්වෙමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කරගැනීමට සමත් වීමත් සමග යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත් අතර එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය යොමු කළ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා ගනිමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කළා.

ස්ටීවන් ස්මිත් මෙම දක්ෂතාව පෙන්නුම් කිරීමට ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ඉනිම් 205ක් වැය කර තිබෙනවා.

ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කර ඇති ස්මිත් එහිදී විශිෂ්ට ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ද ලබා ඇත්තේ සිය පිතිකරණයේ සාමාන්‍යය 53.55ක් බවට පත් කරගනිමින්.

ස්මිත් ටෙස්ට් පිටියක ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 239 වනවා.

පන්දු 18672කට මුහුණ දී ඇති ස්මිත්ට අමතර ව ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කළ ලැයිස්තුවේ මුලසුන හොබවන්නේ ඉන්දීය (හිටපු) සචින් තෙන්දුල්කාර්, රිකී පොන්ටින්ග්, ජැක් කාලිස්, රාහුල් ඩ්‍රාවිඩ්, ජෝයි රූට්, ඇලෙස්ටෙයාර් කුක්, කුමාර් සංගක්කාර, බ්‍රයන් ලාරා, ශිවරින්ග් චන්ද්‍රපෝල්, මහේල ජයවර්ධන, ඇලර්න් බෝඩර්, ස්ටීව් වූෆ්, සුනිල් ගවස්කාර්, යුනිස් ඛාන් වනවා.

ස්මිත් මෙම ලැයිස්තුවේ පසුවන්නේ 15 වැනි ස්ථානයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25