නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පැතුම් – කමිඳුට උසස් වීම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේ නවතම සංශෝධනයන් කිහිපයක් සිදු ව තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් හි දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ ස්ථානගත වීම් හි වර්ධනයක් පවතින බවයි පෙනී යන්නේ.

එක් ටෙස්ට් ශතකයක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 42කින් ඉහළට පැමිණ තිබෙනවා.

ඒ නිමාවට පත් වූ එංගලන්තය – ශ්‍රී ලංකා තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට එක්වෙමින් සිය දෙවැනි ටෙස්ට් ශතකය මෙන් ම ප්‍රවේගකාරී පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීම හේතුවෙන්.

පැතුම් එම තරගයේ දී පන්දු 123කට ලකුණු 127ක් නොදැවී රැස් කළ අතර තරගයේ වීරයා සම්මානයට ද පාත්‍ර වුණා.

ඒ අනුව පැතුම් මීට පෙර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 81 වැනි ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන 42ක් පසුකරමින්; ඔහු නවතම සංශෝධනයට අනුව 39 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 568ක් ලබා ගනිමින්.

මීට අමතරව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 06කින් ඉහළට ඒමට කමිඳු මෙන්ඩිස්ට ද හැකි ව තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය පුරාවට ම කමිඳු මෙන්ඩිස් පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහු ප්‍රසාද ලකුණු 664ක් ලබා ගනිමින් 19 වැනි ස්ථානය දක්වා පැමිණ ඇත්තේ ඉන්දීය මුල් පෙළ පිතිකරුවෙකු වන ශුබ්මන් ගිල් සමග සම මට්ටමට ද හිමිකම් කියමින්.

තරගාවලිය පුරා නායකත්වය ගෙන කටයුතු කරමින් ඉනිම් අතර විවිධ අවස්ථාවල දී අර්ධ ශතක මගින් පිතිකරණය පොහොසත් කරගත් ධනංජය ද සිල්වා ස්ථාන 03ක් ප්‍රසාද ලකුණු 669ක් අතැතිව පැමිණ තිබෙනවා.

තරගාවලිය පුරාවට ම එක් අවස්ථාවක පමණක් ලකුණු අතරට පැමිණීමට හැකි වූ දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්හි දී ස්ථාන 03ක් පහළට ඇද වැටී ඇත්තේ සිය ස්ථානය 16 බවට පත් කරගනිමින්.

දිමුත් මීට පෙර 13 වැනි ස්ථානයේ රැඳී සිටියේ 2023 දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ දී ලකුණු 783ක් රැස් කරගැනීම හේතුවෙන්.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් ද ස්ථාන තුනක් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය 29 දක්වා ගෙන යමින්.

සුපුරුදු පරිදි ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි මුලසුන ගෙන සිටින්නේ එංගලන්තයේ ජෝයි රූට් වන අතර ප්‍රසාද ලකුණු 899ක් ඔහු ඉදිරියෙන් සටහන් ව තිබෙනවා.

කේන් විලියම්සන් සහ ඩැරිල් මිචෙල් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන නවසීලන්තය නියෝජනය කරමින් සිටිනවා.

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත (2024 සැප්තැම්බර් 10 වැනි දිනට සංශෝධිත) ලැයිස්තුව මෙතැනින් කියවන්න..

https://www.icc-cricket.com/rankings/batting/mens/test



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33