ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ආබාධයක්

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

දිමුත් පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට මේ වනවිට ප්‍රතිකාර වෙත යොමුකර ඇති බවයි ගාල්ලෙන් වාර්තා වුණේ.

දිමුත්ගේ තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා දැඩි අවධානයෙන් පසුවන බවයි ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ.

මේ හේතුවෙන් පාකිස්ථාන පළමු ඉනිමේ දී පන්දු රැකීමට ඔහු පිටියට නොපැමිණි අතර උප නායක ධනංජය ද සිල්වා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

තරගයේ දෙවන දිනය වන අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 378ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14