ටෙලිකොම් කුලුනේ බැටරි උස්සලා – තාක්ෂණික ශිල්පියා සමඟ අයෙක් අත්අඩංගුවට

ටෙලිකොම් සන්නිවේදන කුලුනක බැටරි ගැලවූ බව කියන එම ආයතනයේ ම තාක්ෂණික ශිල්පියෙක් සහ රිය සහායකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

එම ආයතනයේ උසස් නිලධාරියෙක් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරි 08ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

විදුලි විසන්ධි වීමෙන් පසු කළුතර ටෙලිකොම් කුලුනේ සංඥා පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බැවින් සති කිහිපයක සිට ස්වයංක්‍රීයව විදුලි පද්ධතිය ක්‍රියාත්මක නොවීම නහේතුවෙන් ඒ පිළිබඳව ආයතනයේ නිලධාරීන් පාලක මැදිරිය දැනුවත් කර තිබෙනවා.

පසුව කළුතර ප්‍රදේශය භාර ඉංජිනේරුවන් විසින් සිදුකළ සොයාබැලීමේ දී එහි බැටරි ගලවා ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් සොරාගත් බැටරි කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ වෙළඳසැල්වලට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර තවත් බැටරි හතරක් තාක්ෂණ ශිල්පියා පදිංචි දොඩංගොඩ, හර්මන් වත්ත ප්‍රදේශයේ නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14