spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටී, ප්ලේන්ටි, ෂෝට් ඊට්ස්, බත්, කොත්තු හෙට සිට මිල වැඩිවෙන්නේ මෙහෙමයි

හෙට (01) දිනයේ සිට බත්, කොත්තු, ප්ලේන් ටී, කිරි තේ සහ සියලුම කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව ප්ලේන් ටී එකක් රුපියල් 5.00කින්, කිරි තේ එකක් රුපියල් 10.00කින් සහ සියලුම කෙටි ආහාර රුපියල් 10.00කින් මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කළේ.

එමෙන්ම බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25.00කින් මිල ඉහළ දමන බව ද එම සංගමය සඳහන් කර සිටියා.

මේ අතර එලෙස ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එලෙස මිල ඉහළ දමන හෝටල් සහ ආපනශාලා වර්ජනය කරන ලෙසත් ජාතික පාරිභෝගික පෙරමුණ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
5
+1
2
+1
3
+1
2
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?