ටිරාන් අලස්ට නැවතත් මරණ තර්ජන

මෙරටින් පලාගොස් විදෙස්හි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ගෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දිගින් දිගටම මරණිය තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භකර ඇති බවත් වාර්තාවනවා.

‘යුක්තිය’ මෙහෙයුම නිසා තම සාමාජිකයින්ට රටින් පලායාමට සිදුවූ බවත්, ඒ නිසා තමන්ගේ ව්‍යාපාර විනාශ වූ බවත් පවුල් බිඳී විසිරි ගිය බවත් , අනිවාර්යයෙන්ම එයට පලිගන්නා බවත්, ජිවිතයෙන් වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් දන්වා එක්සත් අරාබියේ සිට ටිරාන් අලස් වෙත නිර්නාමික ලිපියක් පළමුවරට යොමුකර තිබුණේ පසුගිය මැයි 04 දිනය සහිතවයි.

පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබුණා.

මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද ” අවසන් නිවේදනයක්” ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී තිබෙනවා.

එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දා බවයි වාර්තා වන්නේ.

කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි පැවසෙන්නේ.

හිටපු අමාත්‍යවරයා විසින් එම ලිඛිත ලිපියද පොලිස්පති වරයාට යොමුකර ඇති බව ඉහත ආරංචි මාර්ග පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40