ටිරාන් අලස්ට නැවතත් මරණ තර්ජන

මෙරටින් පලාගොස් විදෙස්හි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ගෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දිගින් දිගටම මරණිය තර්ජන එල්ල වෙමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භකර ඇති බවත් වාර්තාවනවා.

‘යුක්තිය’ මෙහෙයුම නිසා තම සාමාජිකයින්ට රටින් පලායාමට සිදුවූ බවත්, ඒ නිසා තමන්ගේ ව්‍යාපාර විනාශ වූ බවත් පවුල් බිඳී විසිරි ගිය බවත් , අනිවාර්යයෙන්ම එයට පලිගන්නා බවත්, ජිවිතයෙන් වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් දන්වා එක්සත් අරාබියේ සිට ටිරාන් අලස් වෙත නිර්නාමික ලිපියක් පළමුවරට යොමුකර තිබුණේ පසුගිය මැයි 04 දිනය සහිතවයි.

පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබුණා.

මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද ” අවසන් නිවේදනයක්” ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී තිබෙනවා.

එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දා බවයි වාර්තා වන්නේ.

කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි පැවසෙන්නේ.

හිටපු අමාත්‍යවරයා විසින් එම ලිඛිත ලිපියද පොලිස්පති වරයාට යොමුකර ඇති බව ඉහත ආරංචි මාර්ග පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19