ටිරාන්ට සහ සුමන්තිරන්ට තවමත් ඇමති ආරක්ෂාව – හේතුව ඇමති නලින්ද පහදයි

හිටපු අමාත්‍යවරයෙකු වන ටිරාන් අලස්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට තවමත් ඇමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී තිබීම පිළිබඳව අද (11) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යංශය විසින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තක්සේරු කිරීම් මත එලෙස ආරක්ෂාව ලබාදීම කටයුතු කර ඇති බවයි.