ටියුෂන්වලට දෙමාපියන් වැයකරන මුදල් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

අද වනවිට උපකාරක පන්ති මුදල්, රටේ අත්‍යවශ්‍ය මුදල් ගණයට පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද වනවිට එක් ළමයෙකුට රුපියල් 22,000ක පමණ මුදලක් උපකාරක පන්ති සඳහා වැයවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව සිදුකරන වියදම මෙන් 30%ක් වියදම් කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මහා භාණ්ඩාගරය 2024 අධ්‍යාපනය සඳහා බිලියන 546ක මුදලක් වෙන්කරලා තියෙනවා. මේකෙන් 402ක් පාසල් අධ්‍යාපනයට වෙන්කරලා තියෙනවා.අනිත් මුදල් විශ්වවිද්‍යාල සදහා වෙන් කරලා තියෙනවා.උපකාරක පන්ති පිළිබඳ සාමාන්‍ය මිනිසුන්ගේ වියදම් ගොඩේ තිබුණේ නෑ. අපේ රටේ උද්ධමනය මිල ඉහළයාම සොයාබලන්න කණ්ඩායමක් පත් කරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම 1952 තමයි මිල දර්ශකයක් හදලා මේක පටන් ගත්තේ. අද වෙනකොට උපකාරක පන්ති මුදල් රටේ අත්‍යවශ්‍ය මුදල් ගණයට අයත් වෙනවා. අද වෙනකොට පොදුවේ ගත් කළ ළමයකුට රුපියල් විසි දෙදාහක් ටියුෂන් සඳහා වැයවෙනවා. අපේ රටේ පවුල් පනස් හත් ලක්ෂයක් ඉන්නවා.එහිදී බිලියන 121ක් 122ක් වගේ ප්‍රමාණයකට ටියුෂන් සඳහා දෙමව්පියන් වියදම් කරනවා. මෙහිදී පාසල් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වියදම් කරනවා වගේ සියයට තිහක් වියදම් කරන්න වෙලා තියෙනවා තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ.මෙහිදී වැදගත් වෙන්නේ වාණිජ පරමාර්ථවලට වඩා එහා ගිය පරමාර්ථයක් ඉටු කිරීමයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34