ටිබෙට් යෞවන කොංග්‍රසය චීනයට එරෙහිව ගෝලීය උපවාස මාලාවක් අරඹයි

චීන කොමියුනිස්ට් රජයේ මර්දනකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ටිබෙට් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ක්‍රියාකාරිකයෙකුගේ ජීවිත පරිත්‍යාගය අගය කරමින්, පිටුවහල්ව වෙසෙන ටිබෙට් වැසියන්ගේ විශාලතම සංවිධානය වන ටිබෙට් යෞවන කොංග්‍රසය (TYC) විසින් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

හිමාචල් ප්‍රදේශයේ ධරම්ශාලා නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතාව, පැය 24 බැගින් ක්‍රියාත්මක වන එකිනෙකට සම්බන්ධිත උපවාස මාලාවක් ලෙස සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගෝලීය විරෝධතා රැල්ල සංවිධානය කිරීම පිටුපස ප්‍රධාන කරුණු දෙකක් පවතිනවා.

පළමුවැන්න වන්නේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටදී ටිබෙටයේ නිදහස උදෙසා තමාගේ සිරුරට ගිනි තබාගෙන දිවි පිදූ ටිබෙට් ජාතික ක්‍රියාකාරික ලොබ්ගා රැන්ග්සෙන් වෙනුවෙන් උපහාර දැක්වීමයි.

දෙවැන්න වන්නේ චීන රජය විසින් අලුතින් ක්‍රියාත්මක කරන ලද ‘ජාතික ඒකග්‍රතාව සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ පනත’ හරහා ටිබෙටයේ භාෂාව, ආගම, සංස්කෘතිය සහ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ඊට විරෝධය පළ කිරීමයි.

ටිබෙට් යෞවන කොංග්‍රසය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ලොබ්ගා රැන්ග්සෙන්ගේ පරිත්‍යාගය සහ ටිබෙටයේ පවතින මානව හිමිකම් අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිල වශයෙන් අවධානය යොමු කිරීම, චීන සිර කඳවුරුවල සිටින සියලුම ටිබෙට් දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කිරීම සහ ටිබෙටයේ ඓතිහාසික ස්වෛරීභාවය හා නිදහස සඳහා වන අයිතිය ජාත්‍යන්තරව පිළිගැනීම ඒ අතර වනවා.

එසේම ටිබෙට් ජාතිකයන්ගේ සංස්කෘතික හා ආගමික අයිතීන් අහෝසි කරන චීන නීති වහාම අත්හිටුවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිනවා.

ධර්මශාලා අදියරෙන් අනතුරුව, නවදිල්ලිය, නිව්යෝර්ක්, ලන්ඩන් ඇතුළු ටිබෙට් යෞවන කොංග්‍රසයේ ප්‍රාදේශීය ශාඛා පිහිටි ලොව පුරා ප්‍රධාන නගර රැසක මෙම උපවාස මාලාව අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02