ටින්කර් ලසන්ත ගැන බිරිඳ කියන කතාව

මාතර ,  මිරිස්ස ප‍්‍රදේශයේ පදිංචි සංවිධානත්මක කල්ලි සමාජික සන්ෂයින් සුද්දාගේ ඝාථනයේ ප‍්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන  සිටි හේවා ලූණුවිලගේ වසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා පසුගිය 26 වනදා පොලිස් වෙඩි පහරින් කලූතරදි ජිවිතක්ෂයට පත්වු අතර ඔහුගේ දේහය මාතර , කැකණදුර ප‍්‍රදේශයේ  පවුලේ සුසාන භුමියේදි අද (28දා) භුමදානය කරනු ලැබිය .

එසේම මියගිය ටින්කර් ලසන්ත නමැත්තාගේ දේහය ඊයේ (27දා) මධ්‍යම රාති‍්‍රයේ මාතර ඔහුගේ නිවස වෙත ගෙන එනු ලැබු අතර ඒ වනවිට මාතර හා කැකණදුර ප‍්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.  

ප‍්‍රදේශයේ ජනතාව රතිඥ්ඥා දල්වමින් බැනර් ප‍්‍රදර්ශනය කරමින් පාතාල සමාජිකයෙකුගේ මරණයට රජයට ස්තුති කරමින් ප්‍රීතිඝෝෂා පවත්වනු ලැබිය. සන්ෂයින් සුද්දා හෙවත් අමිල ප‍්‍රසංග  නමි පාතාල කල්ලි සමාජිකයා පසුගිය සැපතැමිබර් 3 වනදා මාතර කොටවිල වරකපිටිය ප‍්‍රදේශයේදි වෙඩි තබා ඝාථනය සි දුකර තිබු අතර ටින්කර් ලසන්ත  එහි ප‍්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයමින් සිටි අයෙකි .

එසේම ජිවිතක්ෂයට පත් මාකදුරේ මදුෂ් හා දැනට විදේශගතව සැගවි සිටින පාතාල කල්ලි සමාජික හරක් කටාගේ සමිපතමයෙක් ලෙස සහ  කුලියට මිනිමැරුමි සිදුකරන හා මහාපරිමානයේ මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙක් ලෙස පොලිසිය හදුනාගෙන සිටි අයෙකි. 

ටින්කර් ලසන්ත ගේ බිරිද වන චමිපා ශාමලි මහත්මිය මෙම සි දුවිම සමිබන්ධව මෙසේ පැවසිය . ‘‘ කලුතර අපි අලුත් ගෙදරකට ගියා . උදේ 10 ට විතර ඒ ගෙදරට කාර් වලින් වාහන වලින් පොලිසියෙන් ඇවිල්ලා එක පාරට වටකරලා මහත්තයා පස්සෙ එලවන් ගියා . ඊට පස්සෙ  මුකුත් දැක්කෙ නැහැ . වෙඩි සද්දේ විතරයි ඇහුනේ . 

ඊට පස්සෙ මමයි දරුවයි ඇදක් යටක හැන්ගිලා හිටියේ , අපිව ඉන්නවා දැකලා අපිවත් එලියට අරන් ඔක්කොම චෙක් කරා . මහත්තයා කලින් කියලා තිබුනා මට මොනවහරි වුනොත් සල්ලි වගයක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ තිබුන තැන . 

අපේ ඇදයට තිබිලා ලක්ෂ26 ක් එකත් අරන් ගියා එචිචරමයි දුවට කියලා තිබුනේ. මං දන්නැ දෙයියනේ මොනව වුනාද කියලා . ඊට පස්සෙ අපිවත් පොලිසියට එක්ක ගිහින් හවස ආයේ ගෙදරට ගෙනත් ඇරලලා තාත්තත් එවන්නමි කියලා ගියා. අපිට ඊට පහුවෙන්දා පොලිසියට එන්න කියලත් කිවුවා. මායි දරුවයි උදේ 6 වෙනකොට ගියා පොලිසියට එත් අපිට මුකුත් කිවුවෙි නැහැ.

ප‍්‍රවෘත්ති වලින් තමයි අපි දැක්කේ මෙහෙම දෙයක් කරලා කියලා . අනේ මම දන්නැ එයා අපරාධ කරනවද කියලා එයා මුකුත් අපිත් එක්ක කියන්නෙ නැහැ . මහත්තයා වරදක් කරලා තියෙනමි හිරේ දාන්න තිබුනා , දෙන දඩුවමක් දෙන්න තිබුනා මරන්නෙ නැතුව , අද දරුවට තාත්තා කෙනෙක් නැහැ’’ යැයි පැවසිය.

මහේෂ් මලවර ආරචිචි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51