spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙක්ට බරපතලයි

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ඊයේ (17) පස්වරුවේ තරුණයෙක් බරපතල තුවාල ලබා සිටිනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ නාවලපිටිය, ලබුවැල්කොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙක්.

මෙම තරුණයා නාවලපිටිය ප්‍රදේශයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ සිය නිවස කරා ගමන්කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලැබූ තරුණයා එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?