ටික් ටොක් කිරි සමන්ගේ මුහුණු පොත අක්‍රිය කෙරේ

අත්අඩංගුවට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍යයේ කිරි සමන් ලෙස හඳුන්වන තරුණයා විසින් අපයෝජනයට ලක්කළ බව කියන 11 හැවිරිදි දැරිය ඇතුළු දැරියන් සිය ගණනකගේ ඡායාරූප පළ කර තිබූ ෆේස්බුක් පිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අක්‍රීය කර තිබෙනවා.

ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමකට අනුව යි.

එමෙන්ම අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පුද්ගලයාව කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඡායාරූප ලබා ගැනීමට හා ඒවා සංස්කරණය කිරීමට යොදා ගත් කැමරා, පරිගණක ඇතුළු උපකරණ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු පිළිබඳ අද අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිත බව යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

රාජගිරිය – කළපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, කිරි සමන් නමින් ටික්-ටොක් මධ්‍යය ජාලයේ පෙනී සිටි අයෙකු වනවා.

එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙනු යි ඔහු ව අත් අඩංගුවට ගැනුණේ.

දැරිය ව අවස්ථා කිහිපයක දී ම නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය බොන්නට දී ඇය ව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා ගොනි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40