ටැටූ දුලාන් මහේස්ත්‍රාත්වරියට රහසක් කීමට ඉල්ලයි – ඝාතකයින් මුහුදු මාර්ගයෙන් යාමත් නවත්වයි

අතුරුගිරිය ඝාතනය සිදු කිරිමට පැමිණි සැකකරුවන් මුහුදු මාර්ගයෙන් රටින් පලා යාම වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධි විධාන ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා යාමට යොදා ගත් වෑන් රථය සම්බන්ධයෙන් ද තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වුණා.

අදාළ ඝාතනය සිදු කිරීම සඳහා ලොකු පැටී විසින් ටැටූ සංජුල නමැත්තා ඉත්තෙකු ලෙස පාවිච්චි කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

ඔරුවල මංන්සන්ධියේ පිහිටි ගොඩනැගිල්ලක ටැටූ හලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි, ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත්, ක්ලබ් වසන්ත ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය සඳුදායි.

සිද්ධියෙන් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් 2 කු ජිවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ කේ.සුජීවා ඇතුළු 4 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිදු කෙරුණු විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ හලේ හිමිකරු ඇතුළු 7 දෙනෙක් ඊයේ (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන් ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් ශාමිනි විජේබණ්ඩාර මහත්මිය නියෝග කළා.

අත්අඩංගුවට පත් දුලාන්ගේ මවට එරෙහිව ද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවන අතර ලොකු පැටී සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය දුලාන්ට අවවාද කර ඇතැයි ද ඔහු පොලීසියට ප්‍රකාශ කර
තිබෙනවා.

සැකකරුවන් පලා යාමට යොදාගත් වෑන් රථය මිට මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ පුද්ගලයෙකු හට ලබාදීමට ලොකු පැටී කටයුතු කර තිබෙනවා.

අදාළ වෑන් රථය සෑම දිනකම පණ ගන්වා බැටරිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට ඔහුට දැනුම් දී ඇති අතර ඒ වෙනුවෙන් ඔහුට ලක්ෂ එකහමාරක පමණ මුදලක් ලබා දී ඇති බව ද දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි
පොලිසිය පවසනවා.

ඝාතනයට අධාර අනුබල දුන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණ ද, ඝාතකයින් සොයා ගැනීමට තවමත් හැකි වී නැහැ.

කෙසේ වෙතත් ඔවුන් මුහුදු මාර්ගයෙන් පලා යාම වැළැක්වීම සඳහා මේ වන විට ආරක්ෂක විධි විධාන යොදා ඇතැයි පොලිසිය පැවසුවා.

මේ අතර ටැටූ හලේ හිමිකරු වන දුලාන් සංජු නමැත්තා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

ඒ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ට මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට අවසරයක් ලබාදෙන ලෙසටයි.

මොහු මෙම ඉල්ලීම ඊයේ දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ සිදු කළ බවයි වාර්තා වන්නේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම්දී ඇත්තේ ඒ පිළිබඳ ව නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදු කරන ලෙසයි.

එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්ව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් ඊට නම් අධිකරණයෙන් අවසරයක් හිමිවූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20