ටාසන්ට පණ දුන් රොන් එලී අභාවප්‍රාප්ත වෙයි

සුප්‍රකට හොලිව්ඩු රංගන ශිල්පියෙකු වන අමෙරිකානු ජාතික රොන් එලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ලොව අතිශයින් ම ජනප්‍රිය වූ ‘ටාසන්’ (Tarzan) ටෙලි කතා මාලාව සඳහා ටාසන් චරිතය පණපෙවීම් සිදු කළේ රොන් එලී විසින්.

ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය පැවසුවේ සිය පියාණන්ගේ අභාවය ඊයේ (23) දින සිදු වූ බවට එලීගේ දියණිය වන කර්ස්ටන් තහවුරු කළ බවයි.

ඇය සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

“ලෝකය මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගෙන් කෙනෙකු අහිමි වී තිබෙනවා. මට මගේ පියා අහිමි වුණා. මගේ තාත්තාව මිනිස්සු වීරයෙක් කියලා හඳුන්වපු කෙනෙක්. ඔහු නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක්,නායකයෙක්..” යනුවෙන්.

එලී මියයන විට 86 හැවිරිදි වියෙහි පසුවුණා.

එලී ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වූයේ 1960 ගණන්වල NBC හි “Tarzan” හි ප්‍රධාන භූමිකාවට පිවිසීමෙන් පසුවයි.

එම රූපවාහිනී කතා මාලාව 1966 සිට 1968 දක්වා දිවගියා.

ඉන්පසුව, “Wonder Woman”, “The Love Boat”, “Fantasy Island” සහ “Superboy” ඇතුළු රූපවාහිනියේ විශාලතම සංදර්ශන කිහිපයකම Ely ආරාධිත චරිත නිරූපණය කළ විශිෂ්ටයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14