ට්විටර් හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට ඉන්දීය බලධාරීන්ගෙන් ප්‍රතිචාර

ට්විටර් යනු මෙහෙයවනු ලබන මයික්‍රොබ්ලොග් වෙබ් අඩවියක් බවට ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය මීනකාෂි ලේඛී චෝදනා කරනවා.

ඇය මේ බව සඳහන් කර තිබුණේ ට්විටර් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි, ඉන්දීය රජය පසුගිය සමයේ සිය කටයුතුවලට පීඩනයක් එල්ල කළ බවට සිදුකර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන්.

ඒ, සම්බන්ධ පරීක්ෂණයක් වෙනුවෙන් සමාගමේ කොටස් හිමිකම පරීක්ෂා කිරීම සඳහා ට්විටර් ඉන්දියාවේ සහ ඉන්දීය රජයේ ලිපිගොනු විවෘත කරන ලෙස ඇය ට්විටර් වත්මන් ප්‍රධානී ඉලොන් මස්ක්ගෙන් ඉල්ලා සිටියා.

පසුගිය සමයේ පැවති ගොවි විරෝධතා අතරතුර ගිණුම් අවහිර කිරීමට ඉන්දීය රජය ට්විටර් මයික්‍රොබ්ලොගින් වේදිකාවට බලපෑම් කළ බවට ඩෝර්සි ප්‍රකාශ කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් මීනකාෂි ලෙඛී පැවසුවේ, “ට්විටර් යනු හසුරුවන ලද මාධ්‍යයක්, මට කිව හැක්කේ එලොන් මස්ක් ට්විටර් හි නව හිමිකරුයි. ට්විටර් ෆයිල්ස් යූඑස් නමින් හැඳින්වෙන ලිපිගොනු කිහිපයක් ඔහු විසින් විවෘත කරනු ලැබූ අතර එවක ප්‍රධානියා සහ ඔහු මෑතකදී භාර ගත් සමාගම විසින් ක්‍රියාත්මක කරමින් සිටි නීති විරෝධී, සදාචාර විරෝධී බොහෝ දේ මස්ක් සොයාගෙන තිබෙනවා.” යනුවෙන්.

ඉන්දියාවේ නිදහස තර්ජනයට ලක්ව ඇති බවට විරුද්ධ පක්ෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මීනකාෂි ලේඛී පැවසුවේ, “ඒකයි මම කියන්නේ කරුණාකර කොටස් හිමිකම පරීක්ෂා කර මූල්‍ය ගනුදෙනු පරීක්ෂා කරන්න. එවිට මා වැනි අය සිතන දේ ගැන ඔබ පුදුම වෙයි. දැනුවත් විය හැකියි “යනුවෙන්.

එක්සත් ජනපදය පදනම් කරගත් යූ ටියුබ් නාලිකාවක් වන ‘බ්‍රේකින් පොයින්ට්ස් විත් ක්‍රිස්ටල් සහ සාගර්’ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ජැක් ඩෝර්සි ප්‍රකාශ කර තිබුණේ ඉන්දීය රජය ට්විටර් වෙත බලපෑම් කළ බවත්, ඉන්දියාවේ සමාගම වසා දමා සේවකයින්ගේ නිවාස වටලන බවට ඉන්දීය රජය තර්ජනය කළ බවයි.

මධ්‍යම ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් ද ජැක් ඩෝර්සිගේ ඉන්දීය රජය පිළිබඳ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූවා.

චන්ද්‍රශේඛර් චෝදනා කළේ 2020 සහ 2022 අතර ට්විටර් කිහිප වතාවක්ම ඉන්දීය නීතිය උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් නීතියට අනුකූල වීමට පටන් ගෙන ඇත්තේ 2022 දී පමණක් බවයි.

ඩෝර්සිගේ ප්‍රකාශය රජීව් චන්ද්‍රසේකර් හැඳින්වූයේ එම සමාජ මාධ්‍ය සමාගමේ ඉතිහාසයේ ඉතා සැක සහිත කාල පරිච්ඡේදයක් මකා දැමීමට දරන උත්සාහයක් ලෙසයි.

ට්විටර් 2020 කාල සීමාව තුළ ඉන්දියානුවන්ට සහ ඉන්දීය රජයට එරෙහිව වැරදි තොරතුරු අවි ආයුධ බවට පත් කළ බවට ඔහු චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10