spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ට්විටර් පරිශීලකයන් පිරිසකගේ දත්ත හැකර්වරුන් අතට

මිලියන 200කට අධික ට්විටර් පරිශීලකයින්ගේ ඊමේල් ලිපින අඩංගු දත්ත හැකර්වරුන්ගේ සංසදයක් විසින් නොමිලේ ලබා දෙන බවට තොරතුරු වාර්තා වනවා.

සොරකම් කරන ලද මෙම තොරතුරු අතර ගිණුම් ආරම්භ කිරීමට භාවිතා කරන ඊමේල් ලිපින ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන චෝදනාවලට අදහස් දැක්වීම වෙනුවන් කළ ඉල්ලීම්වලට ට්විටර් සමගම ප්‍රතිචාර දක්වා නැහැ

මෙම දත්ත නිකුත්වීම පිළිබඳ නිරීක්ෂණය කළ සයිබර් අපරාධ තොරතුරු සමාගමක් පැවසුවේ එහි විද්‍යුත් තැපැල් ලිපින මිලියන 200 කට වඩා අඩංගු වන අතර එය ඉතා වැදගත් තොරතුරක් වන බවයි.

මෙමගින් බොහෝ ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු බලපෑම රැසකට ලක්වීමට හේතු වනු ඇති බවටයි අනතුරු අඟවන්නේ.

ට්විටර් ගිණුම් මිලියන 400කට ඊමේල් සහ දුරකථන අංක සම්බන්ධ කර ඇති බවට හැකර්වරයකු විසින් කරන ලද තහවුරු නොකළ ප්‍රකාශයන් පිළිබඳව පසුගිය සතියේ සිදු කළ අනතුරු ඇඟවීමකින් පසුව යි මෙම කරුණු කරළියට පැමිණ ඇත්තේ.

හැකර්වරයෙකු විසින් මෙම දත්ත මකා දැමීමට Twitter වෙතින් ඩොලර් 200,000 (£168,000) ක මුදලක් ද ඉල්ලා ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, දැනට නිකුත් වී ඇති දත්ත වෙනත් පුද්ගලයෙකු විසින් පළ කර ඇති අතර එය කුඩා ප්‍රමාණයක් වන අතර දුරකථන අංක ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?