ට්‍රිප් එකක් යන්න කීයක් ඕනේද ?

ලංකාවේ මිල ගනන් කියන්නේ හරියට නිකම් බෙංගාල බොක්කේ කාළගුණය වගේ දෙයක් කොයි වෙලේ වෙනස් වෙයි ද නම් දන්නේ නෑ.ඉතින් එහෙව් රටක ජීවත් වෙන අපි මිල ගනන් ගැන කතා කරන එකම වෙලාවකට විකාරයක්.නමුත් ඉතින් දේසේ හැටියට වාසය කරන්න නම් මිල ගණන් ටිකක් දැන ඉන්නම ඕනේ.

තරුණ තරුණියන් හැටියට ඉතින් රටේ දේශපාලනය කොහොම වුණත් ඉදලා හිටලා පොඩි ට්‍රිප් එකක් යන්න ආසයි නේ.මේ කතා බහ ගොඩ නැගෙන්නේ දැන් තියන සමාජ වටපිටාව අනුව ට්‍රිප් එකක් යන්න කීයක් වගේ වියදම් වෙයි ද කියන්න.

මම නිකමට හිතන්නම් ඔයා යන්නේ කොළඹ ඉදලා නුවර එළියට කියලා.යන්නේ මෝටර් සයිකලයකින් ඔයාගේ පෙම්වතිය එක්ක.මේ මොටර් සයිකලයට ලීටරයකින් කිලෝමීටර්ක් 45ක් යන්න පුලුවන් කියලා හිතමුකෝ.

කොළඹින් නුවර එළියට කිලෝමීටර 171 ආසන්නව තියනවා.යන්න එන්න දෙකම ගත්තොත් කිලෝමීටර 342ක් වෙනවා.නුවර එලියට ගිහින් ඉතින් එක තැන ඉන්නේ නැහැ නේ.එහෙත් ටිකක් ඇවිද්දොත් , අපි හිතමු කිලෝමීටර් 50ක් ඇවිදිනවා කියලා බයික් එකෙන්.එහෙම වුණොත් සම්පූර්ණ දුර කිලෝමීටර් 392ක් වෙනවා.එතකොට ලීටරයකින් 45 ගානේ බැලුවොත් ලීටර් 8යි 700ක් ආසන්නව අවශ්‍ය වෙනවා තෙල් මේ ගමනට.දැන් ලීටරයක් රුපියල් 338ක් නිසා ඔයාට තෙල් වලට 2940.00ක් යනවා.අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.දවස එකහමාරක් විතර පෝළිමේ ඉන්නත් ඕනේ වෙනවා තෙල් ගහ ගන්න…..

යන අතර මගදි ඔයා දෙන්නා උදේට තේ දෙකක් බිව්වොත් තව රුපියල් 200ක් යනවා.මොකද දැන් තේ එකක් අබේවෙල ෆාර්ම් එක ඉස්සරහා කඩෙත් රුපියල් 100යි.කෙටි කෑම වර්ග ගැන හිතුවොත් ,මාලු පාන්, පැටිස් , රෝල්ස් වගේ දේවල් 80 සහ 100 අතර වෙනවා.පාන් එකකුත් 140ක් වෙනවා.නුවර එළියේ ප්‍රසිද්දම තෝසේ වර්ගත් එකක් රුපියල් 100ක් වගේ වෙනවා.ඒ වගේම රසකැවිලිත් එකක් 100කට වඩා වැඩී මේ වෙද්දි.අවම වශයෙන් ඔයාල දෙන්නට එක වේලකට රුපියල් 800ක් හෝ 1000ක් වැය කරන්නම වෙනවා.අපි හිතුවොත් දවස් දෙකක ගමනක් කියලා ප්‍රධාන කෑම වේල් 6යි.තියන අඩුම කඩෙන් කන්න හොයාගත්තොත් එක වේලකට 800ක් කියලා හිතමුකෝ.එතකොට කෑම වලට ම යනවා 4800ක මුදලක්.

දවස් දෙකක් ඉන්න නම් කාමරයකුත් ඕනේ නේ.දැන් කාමරයක සාමාන්ය මිල රුපියල් 4500ක් 5000ක් අතර වෙනවා.ඔයා අපි හිතමුකො රුපියල් 4500ට හම්බුනා කියලා.දවස දෙකකට ඔයාට යනවා රුපියල් 9000ක මුදලක්.

මේ කිසිම අමතර වියදම් නැතුව.ඔයාලට යන පාර්ක් වල ටිකට්.සමහර විට පැනඩෝල් පෙත්තක් එහෙම නැත්නම් බාබකිව් එකක් වගේ දාන්න මුකුත්ම නැතුව.නුවර එළියට ගිහින් ග්‍රෙගරි වැව වටේ කරකිලා සීතා අම්මන් කෝවිලෙන් පොට්ටුවක් තියන් එන්න යන ගාන.

සම්පූර්ණ වියදම දැනට ගත්තොත් ,

තෙල් වලට රුපියල් 2490.00
කෑමට රුපියල් 4800.00
නවාතැන් රුපියල් 9000.00
මූලිකම දේවල් එක්ක ගමනට වියදම 16290.00 යි.

ඔයාගේ පඩිය විසිදාහක් වගේ නම් හොදම දේ රුපියල් 49ක ඩේටා කාර්ඩ් එකක් දාගෙන යූ ටියුබ් එකෙන් නුවර එළියේ වීඩියෝ එකක් බලන එක තමයි.මොකද දවස් දෙකකට රුපියල් දහසය දාහක් වියදම් වුණාට පස්සේ ඉතුරු මාසෙම රුපියල් 4000කින් ඇඳ ගන්න නම් බැහැ.නුවර එළිය නෙමෙයි ඕනේම තැනකට යන්න වියදම ඔයාම හදලා බලන්න.ඉන් පස්සේ යන නොයන එක තීරණය කරන්න.

ඉතින් ට්‍රැවලර්ස්,
ලංකාවේ ලස්සන බලන්න යන්න ඔයාලට සුබ පැතුම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23