ට්‍රැක්ටර් ට්‍රේලරයක් පොකුණකට පෙරළී ඉන්දියාවේ දරුණු අනතුරක් – 22ක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක පිටුපස ට්‍රේලරය පොකුණකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් විසිදෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ උතුරු ප්‍රදේශ් හි කස්ගන්ජ් ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම වන්දනාකරුවන් පිරිස ගංගා නදියේ ශුද්ධ දිය නෑම සඳහා කදර්ගන්ජ් වෙත යමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් මිය ගිය අය අතර කුඩා ළමුන් ද සිටින අතර, තවත් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

උත්තර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ අතර, අනතුරින් මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 02 බැගින් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ඊට අමතරව තුවාල ලැබූවන් සඳහා එක් අයෙකුට ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදෙන බවයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39