spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රැක්ටර් ට්‍රේලරයක් පොකුණකට පෙරළී ඉන්දියාවේ දරුණු අනතුරක් – 22ක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයක පිටුපස ට්‍රේලරය පොකුණකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් විසිදෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ උතුරු ප්‍රදේශ් හි කස්ගන්ජ් ප්‍රදේශයේ දී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම වන්දනාකරුවන් පිරිස ගංගා නදියේ ශුද්ධ දිය නෑම සඳහා කදර්ගන්ජ් වෙත යමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් මිය ගිය අය අතර කුඩා ළමුන් ද සිටින අතර, තවත් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

උත්තර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ අතර, අනතුරින් මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 02 බැගින් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

ඊට අමතරව තුවාල ලැබූවන් සඳහා එක් අයෙකුට ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදෙන බවයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?