ට්‍රැක්ටරයේ රොටරිය පණ ගන්වා කුණු රොඩු ඉවත් කළ පුද්ගලයෙකු ජිවිතක්ෂයට

මහකුඹුක්කඩවල එගොඩගම ප්‍රදේශයේ වතු හිමිකරුවකු තම ට්‍රැක්ටරයේ රොටරිය සිරවී අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් මෙලෙස මරණයට පත්ව ඇත්තේ එගොඩගම ප්‍රදේශයේ වතු හිමිකරුවකු වු තොඩුවාව පදිංචි 71 හැවිරිදි සිව්දරු පියෙක්.

මරණයට පත්වු වතුහිමිකරු ඔහුට අයත් පොල් ඉඩමේ බිරිඳත් සමග නතරවී සිට තිබෙනවා.

ඔහු අද උදෑසන ඉඩමේ වැඩ කටයුතු සදහා රැගෙන විත් තිබු ට්‍රැක්ටරය පණ ගන්වා ඇති අතර ඒ සමගම එහි රොටරිය ද ක්‍රියාත්මක කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව ක්‍රියාත්මත වෙමින් තිබූ රොටරියේ රැඳී ඇති තණකොල ඇතුළු කුණු රොඩු ඉවත් කිරීමට අනාරක්ෂිත සහ නොසැලකිලිමත් ලෙස අත දමා කටයුතු කිරීමේදී රොටරියට වතු හිමිකරුගේ අත එකවර ඇදී ගොස් සිරවී ඇතැයි සඳහන්.

මෙම තැනැත්තාගේ අත සිරවීමත් සමග හිස ද දරුණු ලෙස තුවාල වී ඇති අතර සිරවී තිබූ අත ද ගැලවී ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අත ගැලවී යාමෙන් සහ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් අදාළ තැනැත්තා එම ස්ථානයේදීම අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ බිරිඳ මුළුතැන්ගෙයි සිටීම නිසා කිසිවක් දැක නොමැති අතර ක්‍රියාත්මක වෙමින් තිබූ ට්‍රැක්ටරය නතරවීම හේතුවෙන් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී යි රොටරිය යට සිරවී සිටි සැමියා දැක අය කෑගසා තිබෙනවා.

ඒ වන විටත් මෙම වතු හිමිකරු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ට්‍රැක්ටරයේ සේවා කටයුතු වෙනුවෙන් රියදුරෙකු සිට ඇති නමුත් දින කිහිපයක් ඔහු සේවයට නොපැමිණීම හේතුවෙනුයි ට්‍රැක්ටරය ධාවනයට පවා කිසිදු ලෙසකින් නොදන්නා මෙම තැනැත්තා එය පණ ගන්වා ඇත්තේ.

ඒ මීට පෙර රියදුරා ට්‍රැක්ටරය පණ ගන්වනු දැක තිබීම හේතුවෙන්.

මරණයට පත්වු තැනැත්තාගේ සිරුර මහකුඹුක්කඩවල පොලිසිය පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මූලික රෝහලට යැවිමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12