ට්‍රැක්ටරයක් පෙරළී සිසුවෙක් ජීවිතක්ෂයට – තවත් සිසුවෙකුට බරපතළයි (ඡායාරූප)

ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් වවුනියාව, පූවරසන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පූවරසන්කුලම, මඩුකුලම වැව් බැම්ම මතින් ගමන් ගත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ඊයේ (01) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී ට්‍රැක්ටරයේ පසුපස ට්‍රේලරයේ සිසුන් දෙදෙනෙකු ගමන්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ පූවරසන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි එස්.සදූෂන් නැමැති සිසුවෙක් වන අතර, අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව එය වැව් බැම්මෙන් පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14