ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු තෙල් මිල පහළ යයි

ඉරානය සමඟ ඇතිකරගෙන තිබෙන සටන් විරාමය දීර්ඝ කරන බවට එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ තෙල් මිලේ සුළු පහළ යාමක් අද (22) උදෑසනවන විට පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයකට 0.2% කින් පහත වැටී ඇති අතර, එය මේ වනවිට ඩොලර් 98.32ක අගයක් වාර්තා කරනවා.

එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 0.3% කින් පහත වැටී ඇති අතර, එය දැක්වෙන්නේ ඩොලර් 89.41ක් ලෙසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (21) පැවසුවේ දෙරට අතර සාකච්ඡා ප්‍රගතියක් ලබා ගන්නා තෙක් ඉරානය සමඟ සටන් විරාමයක් දීර්ඝ කරන බවයි.

කෙසේ වෙතත් ටෙහෙරාන් “ඒකාබද්ධ යෝජනාවක්” ඉදිරිපත් කරන තෙක් එක්සත් ජනපදය ඉරානයේ වරායන් අවහිර කිරීම දිගටම කරගෙන යනු ඇති බව ඔහු තවදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50