ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළ පුටුවක් එලෝන් මස්ක්ටත්? – ඡන්දෙටම බර ගාණක් වියදම් කරලා

ලොව ප්‍රකෝටිපතියා වන එලෝන් මස්ක් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙන් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට තරග වැදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 119කට වඩා වැඩි ප්‍රමාණයක් අමෙරිකානු දේශපාලන කමිටුව (PAC) වෙත පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය උපුටනයන් පෙන්වාදෙන්නේ; බයිඩ්න් හමුවේ 2022 මුල භාගයේ දී ට්‍රම්ප් පරාජයට පත්වීමෙන් පසුව බොහෝ විචාරකයින් පැවසුවේ ‘ ට්‍රම්ප්ට සිය තොප්පිය එල්ලා තැබීමට කාලය එළඹ ඇති බවයි.

නමුත් එම වසරේ දී ම අග කාර්තුවේ දී ලොව ධනවත්ම ප්‍රකෝටිපතියා වන එලෝන් මස්ක් සිය පූර්ණ සහාය ට්‍රම්ප් වෙත හිමිගන්වන බවට දැනුම්දුන්නා.

මෙවර 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට තාක්ෂණික අංශයෙන් මෙන් ම දෘශ්‍යමානව දේශපාලනික ව්‍යාපාරවල පෙනී සිටිමින් මස්ක් දැක්වූ සහාය බොහෝදෙනා කතාබහක් ඇති කළ කාරණා වුණා.

ටෙස්ලා සහ X හි ප්‍රධානියා වන මස්ක්, ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද දියත් කළ අතර, එය අවසන් වන කාලය තුළ සෑම දිනකම අහඹු ලෙස තෝරාගත් ප්‍රාන්ත ඡන්දදායකයෙකුට ඩොලර් මිලියනයක් (£ 771,000) ලබාදීම ද සිදු කෙරුණා.

2022 මධ්‍යවාර මැතිවරණයට පෙර රිපබ්ලිකානුවෙකු ලෙස ලියාපදිංචි වීමෙන් පසු, මස්ක් නීතිවිරෝධී සංක්‍රමණ සහ සංක්‍රාන්තික ලිංගික අයිතිවාසිකම් ඇතුළු ගැටළු සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කර තිබෙනවා.

මස්ක් සහ ට්‍රම්ප් යන දෙදෙනාම ඔහු විසින් නව “රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක්” මෙහෙයවීමේ අදහස කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම දැනටමත් ජනවාරි මාසයේ දී ධවල මන්දිරයට ආපසු පැමිණෙන විට ඔහුගේ පරිපාලනයේ සේවය කළ හැකි සගයින් පරීක්ෂා කරමින් සිටින අතර එහිදී එලෝන් මස්ක්ට ද සුවිශේෂී වරප්‍රසාදයක් හිමිවනු ඇති බවයි විදෙස් දේශපාලන විචාරකයින අනාවැකි පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18